HUAWEI Nova 3 සමගින් ජංගම චිත්‍රපටකරණයට පිවිසෙන්න

    October, 3, 2018

    මීට වසර ගණනාවකට ඉහතදී ජංගම දුරකථනයකින් චිත්‍රපටයක් රූගත කිරීම සරල හා ප්‍රායෝගික ක්‍රියාවක් වූයේ නැත.නමුත් පසුව ජංගම දුරකථනය ප්‍රමාණයෙන් විශාල වන විට තාක්ෂණය සහ වේගය අතින් වර්ධනය වනවිට විශේෂයෙන්ම ජංගම දුරකථනය යොදාගනිමින් කෙටි චිත්‍රපට ආදිය නිර්මාණය කිරීම ජනප්‍රිය විය. ඒ හා සමගාමීව සමාජ ජාලා වැනි මාධ්‍ය ජනප්‍රිය වීමත් සමග ඕනෑම අයෙකුට තම නිර්මාණය අති විශාල පිරිසක් වෙත සමීප කරවීමට අවස්ථාව සැලසිණ. මේ නිසා බොහෝ දෙනෙක් ජංගම දුරකතනය යොදා ගනිමින් වීඩියෝ නිපදවා අන්තර්ජාලයට එක් කළ ද ඒ සියල්ල ගුණාත්මක අතින් ඉහළ ඒවා නොවූයේ උසස් තාක්ෂණික පහසුකම් එම ජංගම දුරකථනවල අන්තර්ගත නොවූ නිසාය. එමෙන්ම එම ජංගම දුරකථනවල ඇතුළත්ව තිබූ ඇතැම් තාක්ෂණික ක්‍රියාකාරකම් සාමාන්‍ය පාරිභෝගිකයාට තේරුම් ගැනීමට පවා අසීරු වීම මෙම තත්වයට තවත් හේතුවකි. මෙම සියලු ගැටළු වලට විසඳුම් ලබාදෙමින් හදුන්වා දුන් HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනය ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් වටහා ගත හැකි තාක්ෂණික පහසුකම් වලින් යුක්ත වූ නිසා තම දෛනික ජීවිතයේ බොහෝ අවස්ථා වීඩියෝගත කිරීමට අවස්ථාව උදාවිය.

    මෙම අවශ්‍යතාව මැනවින් වටහාගත් HUAWEI සිය නවතම තුන්වන පරපුරේ Nova ස්මාර්ට්ෆෝනය HUAWEI Nova3 සහ  Nova 3i යනුවෙන් 2018 අගෝස්තු මාසයේ මෙරටට හඳන්වා දෙමින් අලෙවි වාර්තා පිහිටවා මෙරට ස්මාර්ට්ෆෝන් වීඩියෝකරණයේ නව පියවරක් තැබීමට  සමත් විය. 

    කැමරා පහසුකම් අතින් ගත් කල HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනය  24MP - 16MP පසුපස ද්විත්ව කැමරා  සහ  24MP-2MP ඉදිරිපස ද්විත්ව කැමරා සහිතව එන මෙම ස්මාර්ට්ෆෝනය සුපිරි AI තාක්ෂණය  මෙම කැමරා සඳහා හඳුන්වා දී ඇත්තේ ලෝකයේ ස්මාර්ට්ෆෝන් කැමරා තාක්ෂණය නව මානයකට යොමු කරමිනි. මේ අතර nova3i ස්මාර්ට්ෆෝනයෙහි පසුපස ද්විත්ව කැමරාව 16MP-2MP වන අතර ඉදිරිපස ද්විත්ව කැමරාව 24MP-2MP වන ආකාරයට නිපදවා තිබේ. 

    HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනය  උසස් මට්ටමේ AI selfie කැමරාව ආදී  තවත් සුවිශේෂි පහසුකම් රැසකින් සමන්විත වන අතර එමගින් ඡායාරූපයක් ලබාගැනීමේදී සුපිරි AI තාක්ෂණය මිනිස් මොළයට වඩා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් වඩා   නිවැරදිව සහ විචිත්‍රවත්ව ඡායාරූපය ලබාගැනීමට උපකාරී වෙයි. ඡායාරූපකරණය පිළිබඳ ඉගෙන ගැනීමේදී දර්ශන තල සහ වස්තූන් ඡායාරූපකරණය පිලිබඳ අවබෝධයක් ලබාගැනීම මාස ගණනක් හෝ වසරක් වැනි කාලයක් ගත වන අධ්‍යයන කටයුත්තකි. නමුත් මෙම AI තාක්ෂණය මගින් ඕනෑම ආධුනික ශිල්පියෙකුට ඉහත ගුණාංග සහිතව ඡායාරූප ලබාගැනීම පහසු කරවයි. විවිධ ආලෝක තත්වයන් යටතේ, විවිධ ස්ථාන වල, විවිධ කාලගුණික තත්වයන් යටතේ  උසස් තත්වයේ ඡායාරූප ලබාගැනීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.  සාමාන්‍ය කැමරාවක් පරිහරණය කිරීමේ තාක්ෂණික සැකසුම් ක්‍රියාවලිය පිලිබඳ මනා අවබෝධයක් මෙම HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනය භාවිත කිරීමේදී මතු නොවන අතර  එහි ඇති AI තාක්ෂණය විසින් ඒ ඒ ඡායාරූපයට අදාළ තාක්ෂණික සැකසුම් ස්වංයක්‍රියව සකසා ගනිමින් නිර්මාණශීලී ව ඡායාරූපය ලබාගැනීමට අවශ්‍ය  කටයුතු සකසා දෙයි.

    ජංගම දුරකතන ඡායාරූපකරණයේ සහ සිනමාකරණයේ ඇති පොදු ගැටළු මැනවින් හඳුනාගනිමින් නිපදවා ඇති නවතම HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනය AI තාක්ෂණය ආදී තාක්ෂණික නවාංග රැසකින් සමන්විත වෙයි. වඩාත්  නිර්මාණශිලී ලෙස ඡායාරූපයක් ලබාගැනීම සදහා අවශ්‍ය වන සියලු විශේෂාංග වලින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනයෙහි ඇති විශේෂත්වය වන්නේ එම කැමරා උපාංග ස්වයංක්‍රියව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. 

    ආලෝකයට වඩා නිරාවරණය වීම (Overexposure) ඡායාරූප ශිල්පීන් මුහුණ දෙන පොදු ගැටළුවකි.  HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනයෙහි මෘදුකාංග සහ දෘඩාංග මගින් මෙම ගැටළුවලට විසඳුම් සපයා ඇත. ආලෝකයට වඩා නිරාවරණය වීම හෙවත් Overexposure තත්වය ස්වයංක්‍රියවම හඳුනාගැනීමේ හැකියාව මෙම ස්මාර්ට්ෆෝනය සතු වන අතර එලෙස හඳුනාගනිමින් ඡායාරූපයෙන් ඡායාරූපයට ඊට ගැලපෙන ආකාරයට පික්සල් ධාරිතාව සකසාගනිමින් HDR පහසුකම යටතේ  පරිපූර්ණ ඡායාරූපයක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව සලසා තිබේ.  480 fps slow motion පහසුව මෙම HUAWEI Nova3 හි ඇති තවත් විශේෂාංගයකි. මෙහි පසුපස කැමරා භාවිතයෙන් slow motion වීඩියෝ ලබාගත හැකි අතර  HUAWEI හි සුපිරි AI තාක්ෂණය මගින් එම වීඩියෝ  විචිත්‍රවත් කර ගැනීමට ද හැකියාව ඇත.

    ඕනෑම  ආලෝක තත්වයක් යටතේ වඩා සවිස්තරාත්මක සුපැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව සහිත HUAWEI Nova3 හි අනර්ඝ පසුපස කැමරාව ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. HUAWEI Nova3 හි පසුපස කැමරාව අවම ආලෝක තත්වයක් යටතේ වුව ක්‍රියාත්මක වන f1.8 ඇපචර් ප්‍රමාණයෙන් සුපැහැදිලි  ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතින අතර AI කැමරා පහසුකම මගින් දර්ශන 500කට අධික ප්‍රමාණයක්  වර්ග 22 ක් යටතේ වර්ග කර ඡායාරූපයට නගා ගනියි. ඡායාරූපයක ඇති contour, texture, colour gradient, illumination ආදී සියල්ල පහසුවෙන් ග්‍රහණය කරගැනීමේ හැකියාව මෙම කැමරාව සතු වෙයි. ඡායාරූපයේ ආලෝකය, පෙනි සිටින්නාගේ ඉරියව්, ඇඳුම්, පරිසරය  සහ ස්මාර්ට්ෆෝනයේ ධාරිතාව ආදිය මනාව ගලපමින් සුපැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව එකට කැටි කොට තනා ඇති මෙම ස්මාර්ට්ෆෝනය වීඩියෝ කිරීමේදී පවා එම සියලු පහසුකම් භාවිත කළ හැකිවීම විශේෂත්වයකි.  වීඩියෝගත කිරීමේ දී විවිධ වේගයෙන් විවිධ පසුතලයන් මාරු වීම ආදි සියලු අවස්ථාවලදී තත්වයෙන් උසස් වීඩියෝවක් නිර්මාණය කරගැනීමට මෙම ස්මාර්ට්ෆෝනය උපකාරී වෙයි. 

    Kirin 970 SoC ප්‍රොසසරයකින්  ක්‍රියාත්මක වන HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනය 6GB RAM එකකින් සහ නවතම EMUI 8.2 පද්ධතියකින් සමන්විත වෙයි. මේ අනුව සලකා බැලූ කල භාවිත කරන්නා අපේක්ෂා කරන සියලු විශේෂතා සහ අංගෝපාංග වලින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.

    6GB RAM සහ  128GB ධාරිතාවයකින් යුතු  HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනයක් රුපියල් 79,900 ක් වන අතර 4GB RAM සහ 128GB ධාරිතාවයකින් යුතු HUAWEI Nova3 i ස්මාර්ට්ෆෝනය රුපියල් 49,900 කට අලෙවි කෙරේ. මෙම ස්මාර්ට්ෆෝන්  දිවයින පුරා පිහිටි HUAWEI මධ්‍යස්ථාන වලින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා වෙතින් වසරක වගකීමක් සහිතව ලබාගත හැක.