HUF & DEE වෙතින් මෙරට තරුණියන්ට ස්කූටර් හිමිකර ගැනීමේ අවස්ථාව

    August, 22, 2017

    මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන HUF & DEE, විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන තරුණියන් සඳහා ම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. 'Be the HUF & DEE Girl' ලෙස නම්කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු මස 15වනදා සිට සැප්තැම්බර් මස 30වනදා දක්වා පැවැත්වේ. ඕනෑම NOLIMIT හෝ Glitz විලාසිතාගාරයකින් රු. 2500ක් හෝ ඊට වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ Yamaha Fascino ස්කූටර් තුනක් සහ රු. 100,000ක් වටිනා තෑගි වවුචර හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.

     

    පුළුල් පරාසයක විහිදුනු වර්ණයන්ගෙන් සහ විලාසිතාවන්ගෙන් යුතුවන බැවින් HUF & DEE විලාසිතා මාදිලි පෙළ විශේෂයෙන් තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. වැදගත් අවස්ථාවන් සඳහා ඔබින ඇඳුම් හා සාමාන්‍ය ඇඳුම් සහ ප්‍රිය සාද සඳහා සුදුසු ඇඳුම් සුවිසල් එකතුවක් මෙම සන්නාමය සතුය. මීට අමතරව, ක්‍රීඩා සහ ව්‍යායාම සඳහා සුදුසු ඇඳුම්, ලිනන් සහ ඩෙනිම් කලිසම් මෙන්ම ඊට සරිලන විලාසිතා උපාංග ද විශ්වාසයෙන් යුතුව මෙම සන්නාමය යටතේ මිලදී ගත හැකිය. HUF & DEE සන්නාමය රැකියාවල නිරත කාන්තාවන්ට ද, ගෘහණියන්ට ද, විලාසිතා පිළිබඳ සැලකිලිමත්වන යෞවනියන්ට ද එකසේ විලාසිතා රැසක් පිරිනැමීම විශේෂත්වයකි.

     

    "මෙරට තරුණියන් අතර අතිශයින් ජනප්‍රිය වී ඇති HUF & DEE මාදිලි පෙළ, NOLIMIT සහ Glitz විලාසිතාගාරවලින් පමණක් මිලදී ගත හැකිය. අපගේ ළෙන්ගතු පාරිභෝගිකයන් හට මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා අපගේ කෘතඥතාව පළ කිරීමට අප තීරණය කළා. මෙම වැඩසටහන යටතේ පිරිනමන ආකර්ෂණීය ත්‍යාග හිමිකර ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට පාරිභෝගිකයන් කළ යුත්තේ රු. 2500කට වැඩි HUF & DEE ඇඳුම් මිලදී ගැනීමක් සිදු කිරීම පමණයි" යනුවෙන් NOLIMIT ආයතනයේ අලෙවි කළමනාකාර රනීස් ෂෙරිෆ් මහතා සඳහන් කළේය.

     

    තාරුණ්‍යය සඳහා ඇඳුම් විලාසිතා පිරිනමන විලාසිතාගාරයක් ලෙස මෙරට ජනතාවගේ විශ්වාසය හිමිකර ගත් NOLIMIT ආයතනය දිවයින පුරා විහිදුනු විලාසිතාගාර 20ක් සමගින් මෙරට විශාලත ම විලාසිතාගාර ජාලය ලෙස පෙරමුණේ පසුවෙයි. 1992 වසරේ මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව NOLIMIT ආයතනය දෙස්-විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. HUF & DEE වැනි ජනප්‍රිය සන්නාමිත නිෂ්පාදන ද NOLIMIT සහ Glitz විලාසිතාගාරවලින් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන් හට එම ආයතනය හිමිකර දී ඇත.