Hutch පාරිභෝගිකයන් වෙත සුවිශේෂී ජීවිත රක්ෂණාවරණයක් ලබා දීම වෙනුවෙන් අලියාන්ස් – Hutch හා එක් වෙයි

    June, 4, 2021

    ලොව ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්ල හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා හා එක්ව එහි පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන් හට ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් (Smart Protection) නමින් සුවිශේෂී ජීවිත රක්ෂණාවරණයක් ලබා දීම වෙනුවෙන් පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී.

    ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන මෙම පැකේජයට, ජීවිත අහිමිවීමකදී හිමිවන ප්‍රතිලාභයන්ට අමතරව දෛනික රෝහල් ගාස්තු ආවරණය, ඩෙංගු මුදල් රක්ෂණාවරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් ඇතුළත් වන අතර රුපියල් 4.50ක් වන අවම දෛනික වාරිකයක් යටතේ Hutch පාරිභෝගිකයන් හට ලබා ගත හැකිය.

    තමන්ගේ Hutch ජංගම දුරකථන අංකයෙන් 226 ඇමතීමෙන් Hutch පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන්ට හට අලියාන්ස්හි මෙම රක්ෂණාවරණය සමඟ ලියාපදිංචි වී පහසුවෙන් ඊට ඇතුළත්  වීමට අවස්ථාව උදා වේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිළධාරී ජයලාල් හේවාවසම් මහතා සඳහන් කර සිටියේ “ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලෙසල අපගේ සියලු ක්‍රියාකාරකම්හි කේන්ද්‍රය වන්නේ නිරන්තරයෙන් වෙනස් වන නූතන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන නව්‍යකරණ සේවාවන් ලබා දීමයි. මෙම පැකේජය දියත් කිරීම තුළින් Hutch පාරිභෝගිකයන් හට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත බවට තහවුරු කරගත හැකි වනු ඇති අතර එසේ හෙයින් මානසික නිදහසද අත්විඳිය හැකියි. ඔවුන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

    Hutch ටෙලිකොමියුනිකේෂන්හි ප්‍රධාන අලෙවි නිළධාරී රම්සීනා මෝසෙත් ලයි මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ “මෙම රක්ෂණ පැකේජයන් දියත් කිරීම තුළින් පාරිභෝගිකයන් හට ඉතා වටිනා නිෂ්පාදන හා සේවාවන් ලබා දීමේ අපගේ අරමුණ මෙන්ම පාරිභෝගිකයාට ගැළපෙන සේවාවන් ලබා දීම වෙනුවෙන් වන අපගේ කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. එසේම අලියාන්ස් සමඟ වන අපගේ හවුල්කාරීත්වය හරහා Hutch පාරිභෝගිකයන්ගේ මානසික නිදහස් භාවය හා ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් නම්‍යශීලී මෙන්ම පහසු රක්ෂණාවරණයක් සළසා ගැනීමේ හැකියාව තහවුරු කර තිබෙනවා. පාරිභෝගික අවශ්‍යතා යන්න Hutch ඉහළින්ම පිළිගනු ලබන්නක් වන අතර වේගයෙන් වර්ධනය වන අපගේ පාරිභෝගික සමූහය, තමා වෙත ඉහළම ප්‍රතිලාභ ලබාදෙන රක්ෂණාවරණයක් ලෙස ‘ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්’ රක්ෂණාවරණය සමඟ එක්වනු ඇතැයි අපට විශ්වාසයි ” යනුවෙනි.