ikman.lk අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත් වෙයි

    March, 10, 2017

    ශ්‍රී ලංකාවේ විශාලත ම අලෙවි මධ්‍යස්ථානයවන ikman.lk, වේගයෙන් වර්ධනයවන සිය විකුණුම්කරුවන්ගේ ජාලය සමගින් අන්තර්ජාල විකුණුම් සඳහා මෙරට ජනතාවගේ ප්‍රමුඛත ම තේරීම බවට තවදුරටත් තහවුරු කරගෙන ඇත.

    අන්තර්ජාලය විකුණුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව ඇති අතර ikman.lk පිරිනමන අසමසම ප්‍රතිලාභ සහ පහසුකම් හේතුවෙන් සිය අන්තර්ජාල අලෙවි කටයුතු කඩිනමින් ඉටු කර ගැනීම සඳහා වැඩි වශයෙන් එහි සිය දැන්වීම් පළ කර ගැනීම සඳහා යොමු වෙති. මේවන විට 165,000 ක්වන සජීවී දැන්වීම් ප්‍රමාණය ඊට මනා සාක්ෂ්‍ය සපයයි. සිය භාණ්ඩය අලෙවි වූ පසු දැන්වීම ඉවත් කිරීමට හැකි සහ දැන්වීමක් ප්‍රචාරයවන උපරිම කාල සීමාව මාස දෙකක්වන තත්ත්වයක් තුළ එවැනි සුවිසල් දැන්වීම් ප්‍රමාණයක් සජීවීව ප්‍රචාරය වීම විශේෂත්වයකි.

    ikman.lk සමග දැන්වීම් ප්‍රචාරය කරන අලෙවි කරුවන් හට භාණ්ඩ සහ සේවා අලෙවි කිරීම සඳහාවන මෙරට විශාලත ම පදනම වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ගැනුම්කරුවන්ගේ වැඩි අවධානයක් දිනා ගැනීමේ හැකියාව හිමි වේ. 2017 වසරේ පෙබරවාරි මාසයවන විට ikman.lk හි ක්‍රියාකාරී ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව මිලියන 2ක් වැනි ඉතා අධික සංඛ්‍යාවක් වූ අතර, විකුණුම්කරු සහ ගැනුම්කරු අතර අනුපාතිකය 1:35 ක් වේ. ඒ අනුව, ikman.lk සමග සම්බන්ධවන අලෙවිකරුවෙකුට ඔහුගේ දැන්වීම පිළිබඳ අවධානය යොමු කරන ගැනුම්කරුවන් 35 දෙනෙකු (සාමාන්‍යයක් ලෙස) සිටී.
    ikman.lk සතුව විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් අතර සවිමත් අනුපාතිකයක් පවතින බවත්, සියලු ම ප්‍රධාන ඛාණ්ඩ තුළ ගනුදෙනුකරුවන් සහ විකුණුම්කරුවන් වැඩි වශයෙන් යොමු වූ වෙබ් අඩවිය ikman.lk බවත් පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත. ක්ෂේත්‍රයේ අනෙකුත් වෙබ් අඩවිවලට සහ වෙනත් මූලාශ්‍රවලට සාපේක්ෂව ikman.lk දැන්වීම් සඳහා ගැනුම්කරුවන්ගේ වැඩි අවධානයක් යොමුවන බව ද, මෝටර් රථ සහ වෑන් සඳහා පළ කෙරෙන දැන්වීම් සඳහා ලැබෙන ඇමතුම් ප්‍රමාණය එවැනි අනෙකුත් පදනම්වලට සාපේක්ෂව 8 ගුණයක් බවත්, නිවාස සහ දේපළ සඳහා ගැනුම්කරුවන්ගෙන් ලැබෙන අවධානය දෙගුණයක් බවත්, විදුලි උපාංග සඳහා ලැබෙන අවධානය 91 ගුණයක් බවත් ගෘහ උපකරණ සඳහා ලැබෙන අවධානය 63 ගුණයක් බවත් පර්යේෂණ මගින් සනාථ කර ඇත.

    නිවසේ සිට ම සිය දැන්වීම පළ කර ගැනීමට ඇති හැකියාව, ඕනෑම මොහොතක දැන්වීමේ ඇති තොරතුරු සංස්කරණය කිරීමේ හැකියාව සහ අවශ්‍ය විටෙක සිය දැන්වීම ඉවත් කර ගැනීමේ පහසුකම හේතුවෙන් ikman.lk විකුණුම්කරුවන්ගේ තේරීම බවට පත්ව ඇත.

    "විකුණුම්කරුවන් ikman.lk හි අතිශය වැදගත් පාර්ශවයක් වනවා. ඔවුන්ගේ අවශ්‍යතාවන් මැනවින් හඳුනා ගනිමින් අප ඔවුන්ගේ භාණ්ඩ හා සේවා කඩිනමින් පාරිභෝගිකයා වෙත ගෙන යා හැකි අංග රැසක් හඳුනා දී තිබෙනවා. විවිධ පහසුකම් සහ අංග හරහා ikman.lk ගැනුම්කරුවන්ගේ අවධානය එම භාණ්ඩ සහ සේවා සඳහා ලබා දීමට ද කටයුතු කරනවා" යනුවෙන් ikman.lk හි පාරිභෝගික සහයෝගී අධ්‍යක්ෂ ශයිෆ් මොහොමඩ් මහතා සඳහන් කළේය.

    ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය ඛාණ්ඩ රැසක් සමගින් එකම ස්ථානයකින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයා හට හිමිකර දෙන ikman.lk, කඩිනමින් සිය භාණ්ඩ සහ සේවා අලෙවි කිරීමට සහ වැඩි ගනුකරුවන් පිරිසකට ළඟා වීමට හැකි වෙබ් අඩවියට ම අනන්‍ය වූ පහසුකම් රැසක් ද හඳුන්වා දී ඇත. 'Buy Now' සහ 'සාමාජිකත්වය' යනු එවැනි සුවිශේෂී පහසුකම් දෙකකි.

    දැන්වීම්වල සත්‍ය-අසත්‍ය බව නිර්ණය කිරීම සඳහා ikman.lk ඉතා සරළ සහ ඵලදායී කෙටි පණිවිඩ සත්‍යෙක්ෂණ ක්‍රමවේදයක් ගොඩනගා ඇත. දැන්වීම් වෙබ් අඩවියේ පළ වූ පසුව අදාළ තැනැත්තාගේ ජංගම දුරකතනයට අංක හතරකින් යුතු කේතයක් යොමු කෙරේ. විනාඩි 10ක් තුළ එම කේතය ඇතුළත් කිරීමට එම පුද්ගලයාට නොහැකි වුවහොත් දැන්වීම අවලංගු දැන්වීමක් සේ සැලකේ. මෙම ක්‍රියාවලිය මගින් ගැනුම්කරුවන් හට මුළුමනින් ම සැබෑ දැන්වීම් පමණක් ඉදිරිපත් කිරීමට ikman.lk කටයුතු කරයි.

    භාණ්ඩ සහ සේවා ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා අසමසම පහසුකම් රැසක් හඳුන්වා දෙමින් විකුණුම්කරුවන්ගේ නොමඳ විශ්වාසය දිනා සිටින ikman.lk, මෙරට අන්තර්ජාල විකුණුම්කරුවන් සඳහාවන ප්‍රමුඛත ම අලෙවි මධ්‍යස්ථානය ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත්ව සිටී.