IMF යාමට පෙර කළ යුතු දෙයක් රනිල් කියයි

    April, 5, 2022

    ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර අරමුදලේ වාර්තාවෙහි සඳහන් අන්දමට මෙරට බලධාරීන් විසින් රටේ ආර්ථික ප්‍රශ්නයක් නොමැති බව සඳහන් කර ඇති බවත්, එය ඉවත් කළ යුතු බවට තමන් යෝජනා කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (05) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කරන ලදී.

    ආණ්ඩුව දැන් IMF සංවිධානයට යන්න තීරණය කරලා තියෙන්නේ. ඒත් එක ප්‍රශ්නයක් තියනවා. අපි බැලුවොත් ඔය වාර්තාවේ අපේ බලධාරීන් කියනවා, මේ රටේ ආර්ථික ප්‍රශ්නයක නෑ. මම මුදල් ඇමතිතුමාට කියන්නේ ඒක අයින් කරලා ඇත්ත වශයෙන්ම මේ විධායක මණ්ඩලේ යෝජනා අනුව සාකච්ඡා කරන්න. නැත්තන් එතනට ගිහින් වැඩක් නෑ. කිසිම උවමනාවක් නෑ. අපට තියනවා විගහට මුදල් සොයා ගන්න.

    මම එතනට යන්න කියන්නේ, මට අවස්ථාව ලැබුනා IMF සංවිධානයේ කළමණාකාර අධ්‍යක්ෂතුමියට කතා කරන්න. ලංකාවට උදව් කරන්න කැමති කිව්වා. ප්‍රශ්නේ වුනේ ඒක වෙනකන් මුදල් නෑ.

    ඒ පාර ලෝක බැංකුවේ අපේ මේ කලාපීය නියෝජිතයා කතා කරාම කිව්වා ඒක පටන් ගත්තොත් කෙටි කාලීන ණය අපිට ලබලා දෙයි කියලා. ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි ඇමතිතුමා එක්ක පටන් ගත්තොත් අපිට ලෝක බැංකුවේ ආසියානු සංවර්ධන බැංකුවෙන් සමහර වැඩ කටයුතුවලට මුදල් ලබා ගන්න පුලුවන්. ඉන් කොටසක් තමයි අපට වුවමනා නම් විශේෂයෙන්ම වෛද්‍ය කටයුතුවලට එහෙම බෙහෙත් එහෙම ඕන නම් අපට ඒක ලබා ගන්න.

    අනික තියෙන්නේ දැන් සාකච්ඡා කරගෙන යන්නේ අපට උදව් කරන මේ ආයතන වලට අමතරව අපට උදව් කරන ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, ඒ වගේම යුරෝපීය සංගමය සමඟ ඒ නිසා මම කතා කරා ඒ රටවලුත් ලෑස්ති. විශේෂයෙන්ම ජනාධිපතිට දැනුම් දුන්නා.

    ඉතින් පාර්ලිමේන්තුවට පුළුවන් මේ වැඩ කටයුතු ගෙනියන්න.