IMF යාම බරපතල තීරණයක් – මහ බැංකු අධිපති

    January, 12, 2022

    මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බරපතල තීරණයක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

    “IMF එකට යනවා කියන එක බරපතළ තීරණයක්. IMF එකට යනකොට අපි කල්පනාකාරීව යන්නට අවශ්‍ය වෙනවා, අපේ තියෙන සැලැස්ම අපිට කොහොමද අපි ඒක ක්‍රියාත්මක කරගන්නේ IMF එකත් එක්කම.“

    “ඒ නිසා IMF එකත් එක විකල්පයක් හැටියට තමයි අපි බලන්නේ. තව විකල්ප තියෙනවාද? ඒ විකල්ප මොනවාද? ඒ විකල්ප කරනවා නම් IMF එකට යන විකල්පයට වඩා හොඳ විකල්පයක් ද කියලා බලන්නට අවශ්‍යයි.“

    “මෙතන දී අපි එහෙම බලලා තියෙනවා. මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි මේ අවස්ථාවේ දී අපි දැන් යන ගමන, වෙනත් විකල්ප ඔස්සේ යන ගමන IMF යන ගමනට වඩා අපිට සතුටුදායක ගමනක් වෙනවා කියා අපේ විශ්වාසේ.“