IMF වාර්තාව සභාගත කර නව මුදල් ඇමති ධූරයෙන් ඉවත්වෙයි

    April, 5, 2022

    ඊයේ (04) දිනයේ දී මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් වූ ජනාධිපති නීතීඥ එම්.යූ.එම් අලි සබ්රි මහතා අද (05) දින එම තනතුරින් ඉවත් වන බව දැනුම් දී තිබේ.

    අග්‍රාමාත්‍යවරයා හැර කැබිනට් මණ්ඩලයේ සෙසු සියලු සාමාජිකයින් ඉවත් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්  අලි සබ්රි මහතා ඇතුළු සිව්දෙනෙකු හට නැවත වරක් අමාත්‍ය ධූර පිරිනමන ලදී.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි මහතා අද (05) පෙරවරුවේ දී 2021 වසර සඳහා ජාත්‍යකන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදිත ආර්ටිකල් IV වාර්තව සභාගත කරනු ලැබීය.