INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට

    May, 13, 2022

    එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්‍රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් සිදුකරන  පර්යේෂණවල ප්‍රථිඵලයක් බව පැවසුවහොත් එය නිවැරදිය. ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගිය දා පැවති SLIM - Kantar සම්මාන උළෙලෙහි දී "වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය" ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර, INSEE  එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිත ය.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සංස්ථා සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ හා නවෝත්පාදන) යාන් කුනිග් මහතා අදහස් දැක්වුවේ මේ අයුරිණි. '' මෙවරත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාමයන් සමඟ කරට කර තරඟ කරමින්, වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම  100 අතරට එක් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඇත්තටම මෙම ජයග්‍රහණය මගින්, අපගේ තේමාව වන ' ජීවිතය සඳහා ඉදිකරන්න' යන්න යථාර්ථයක් බවට පත්කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම ගැන උදාහරණ සපයනවා. ඒ වගේ ම  සෑම විටම අප කෙරෙහි විශ්වාසය තබමින්, අප සමඟ බැඳී සිටින පාරිභෝගික ජනතාවට ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අපගේ මෙම ජනප්‍රියත්වය,  අපගේ කැපවීම වගේ ම පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ගුණාත්මක නිෂ්පාදන හා සේවාවන් ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේ ම මේ රටේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමය වගේ ම අංක එකේ ගෘහස්ථ හා වෘත්තීයමය සිමෙන්ති සන්නාමය විදියට ලබාගෙන තිබෙන ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීම අපගේ අරමුණයි."

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එක ම පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, SLS 1697:2021  ප්‍රමිතියෙන් සමන්විත වන අතර, එය ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැඟිලි කවුන්සිලය (Green Building Council of Sri Lanka) මගින් හරිත ලේබලය හිමිකරගත් ප්‍රථම සිමෙන්ති සන්නාමය ලෙස සඳහන් කළ හැකිය. ඊට අමතරව ලංකා ඉදිකිරිම් කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders) විසින් පිරිනමනු ලබන Green Mark Gold Award සම්මානය ද හිමිකරගෙන ඇති INSEE සංස්ථා සිමෙන්ති කාබන් විමෝචනය අවම, සුපිරි ශක්තිය හා කල්පැවැත්ම සහිත සිමෙන්ති නිෂ්පාදනයක් බව පැවසිය යුතුමය.

    INSEE සංස්ථා සිමෙන්ති නිෂ්පාදනයේ සුවිශේෂත්වය නිසා ම එය වර්තමානයේ මෙරට නිවාස ඉදිකිරීම් 2/3 ක් සඳහා ම යොදා ගැනෙන සිමෙන්ති නිෂ්පාදනය බවට පත් වී ඇත. එමෙන් ම INSEE සංස්ථා සිමෙන්ති තුළ අඩංගු 'Super S' අංශු ව්‍යූහය මගින් ශක්තිය හා කල්පැවැත්ම වර්ධනය කරන නිසා ම එම නිෂ්පාදනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියතම සිමෙන්ති සන්නාමය බවට පත් වී මට සමත් වී තිබේ. මෙම සුවිශේෂී ගුණාංගවලට අමතරව, INSEE සංස්ථා සිමෙන්ති ජල ආරක්ෂණ තාක්ෂණයෙන් යුත්, පරිසර හිතකාමී නිෂ්පාදයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය.