IPL 2022 තරගාවලිය දැන් ඩයලොග් ටෙලිවිෂන් සහ Dialog ViU App වෙතින් නරඹන්න

    May, 6, 2022

    Indian Premier League තරගාවලිය මෙවරද ඉන්දියාවේදී පැවැත්වෙන්නේ උද්වේගකර තියුනු තරග රැසක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කරමිනි. ලොව  අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන  IPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලාංකිකයින්ගේ   දැඩි අවදානයට යොමුව ඇත්තේ මෙරට නියෝජනය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මෙම තරගාවලියට එක්ව ඇති හෙයිනි. එහිදී කණ්ඩායම් 3 ක් සඳහා තෝරාගෙන තිබෙන භානුක රාජපක්ෂ, වනිඳු හසරංග සහ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර මේ වන විටත් සිය දක්ෂතාවන් මනාව ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත්තේ තමන් නියෝජනය කරන කණ්ඩායම් වෙත ජයග්‍රහණ අත්පත් කර දෙමිනි.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ වසර ගණනාවකට පසු IPL තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා  ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළත් වූ පළමු අවස්ථාවද මෙය වීමයි.

    තම රට නියෝජනය කරන මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැනවින් දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් වෙත උදාකර දීමට ඩයලොග් ටෙලිවිෂන් ඉදිරිපත්ව සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් Dialog වෙතින් ඇති සුවිසල් කැපවීමද යළි යළිත් තහවුරු කරමිනි. IPL 2022 තරගාවලිය   HD නාලිකා දෙකක් ඇතුළුව නාලිකා හතරක් ඔස්සේ මඟනොහැර නැරඹීමේ හැකියාව ඩයලොග් ටෙලිවිෂන් මෙරට ප්‍රේක්ෂකයන්ට   උදාකර දී ඇත. ඒ අනුව Star Sports 1, Star Sports HD1, Star Sports Select 1, Star Sports Select HD1 යන නාලිකාවලින් එම තරග නැරඹිය හැක.

    Dialog Television පාරිභෝගිකයන්ට  SMS හරහා , MyDialog App එක හරහා  හෝ Missed Call එකක් ලබාදීම තුළින් මෙම නාලිකා පහසුවෙන් ඔවුන්ගේ Dialog Television Account එකට  සක්‍රිය කරගත හැකි අතර  ඒ සඳහා වැඩි විස්තර Dialog.lk ඔස්සේ ලබාගත හැක.

    ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයින්ට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන සියලු ක්‍රීඩා ලෝලීන්ට IPL 2022 තරගාවලිය නැරඹීමේ පහසුව ඩයලොග් මෙහිදී ලබාදී තිබීම සතුටට කරුණක් වනු නොඅනුමානය. ඒ අනුව ඕනෑම ඩයලොග් mobile  සම්බන්ධතාවයක් සහිත smart  ෆෝන් එකක් හරහා ඕනෑම අයෙකුට ඩයලොග් ViU App එක ඔස්සේ Sports Pack චැනල් පැකේජය activate කිරීමෙන් තරගාවලිය නැරඹිය හැක. Dialog ViU App පරිශීලකයින්ට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඩයලොග් ජාලය තුළ කිසිඳු Data ගාස්තුවකින් තොරව මුළු  තරගාවලියම නැරඹිය හැක.

    එසේම ඕනෑම ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයෙකුටම ඩයලොග් ViU App එක ඩවුන්ලෝඩ් කර ඔවුන්ගේ ඩයලොග් ටෙලිවිෂන් ගිණුම ලියාපදිංචි කිරීමෙන් සියලුම තරග කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹිය හැකි අතර ඩයලොග් ජාලය තුළ  Data ගාස්තුවක් අය නොවී නැරඹීමට අවස්ථාවද ඩයලොග් විසින් සලසාදී තිබීමද විශේෂත්වයකි.