JB Vantage CFA සම්මාන රාත‍්‍රියේදී විශිෂ්ටතම ඒකකය භාරයට හිමි සම්මානයෙන් යළිත් වරක් පිදුම් ලබයි

    September, 11, 2017

    CFA Sri Lanka Society මගින් වාර්ෂිකව පවත්වන CFA Sri Lanka Capital Market Awards සම්මාන උළෙලෙහිදී 2017 වර්ෂයේ විශිෂ්ටතම ඒකක භාරයට හිමි සම්මානය දිනා ගැනීමට JB Vantage Money Market Fund සමත් විය. වසරේ විශිෂ්ටතම ඒකක භාරය ඇගයීමට ලක් කිරීම පසුගිය වසරේ සිට සිදු වූ අතර එම පළමු අවස්ථාවේදීම  මෙම සම්මානය දිනා ගැනීමට JB Vantage Money Market Fund සමත් විය.

    JB Financial සමාගම දේශීය ප‍්‍රාග්ධන වෙළෙඳපොළ ආශ‍්‍රිතව කීර්තිමත් නාමයක් දිනා සිටින අතර මෙම ක්ෂේත‍්‍රයේ ගුණාත්මක වර්ධනයක් වෙනුවෙන් අනාදිමත් කාලයක සිට විශාල කාර්යභාරයක් සිදු කළ සමාගමක් ද වෙයි. ඒකාග‍්‍රතාව, අවදානම් පාලනය කිරීම, ද්‍රවශීලතා කළමනාකරණය, සහ භාරකාරීත්වය සමාගමේ මූලික ව්‍යාපාරික වටිනාකම් වෙති.

    CFA Society Sri Lanka (වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ශ‍්‍රී ලංකා සංගමය& මගින් සංවිධානය කරන ශ‍්‍රී ලංකා ප‍්‍රාග්ධන සම්මාන උළෙල පසුගිය වසර 5 පුරාම අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මෙම සංගමයේ ප‍්‍රධාන අංගයක් වෙයි. මෙම සම්මාන උළෙලෙහිදී ප‍්‍රාග්ධන වෙළෙඳපොළ උපකරණ සහ ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා ධනාත්මක බලපෑමක් සිදුකළ වෘත්තිකයින් ඇගයුමට ලක් කෙරේ. වසරේ විශිෂ්ටතම ඒකක භාරය ඇගයීමට ලක් කිරීම පසුගිය වසරේ සිට සම්මාන උළෙලට එක් කළ අංගයකි. JB Financial සමාගම ස්වාධීන අරමුදල් කළමනාකරුවකු ලෙස ආයතනික හා ඒක පුද්ගල අරමුදල් කළමනාකරණය කරන අතරල ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමක් සහ කීර්තියක් අත්කර ගෙන සිටින දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ දේශීය ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සමාගමකි.

    සම්මාන උළේලේදී ක්ෂේත‍්‍රයේ ආයෝජන ක‍්‍රියාවලිය සහ අවදානමට සාපේක්‍ෂව ඉපැයීම, අවදානම් කළමනාකාරණය ආදී නිර්ණායක සඳහා ලකුණු ලබා දීමක් සිදු කෙරිණ.

    ‘‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ඒකක භාරය ලෙස මෙම සම්මානය දෙවැනි වරටත් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. පසුගිය වසරේ ජයග‍්‍රහනයෙන් පසුල එහි ඇගයුම් කමිටුවේ අදහස් අනූව තවත් දියුණු වන්නට අපි දැඩි කැපවීමකින් කටයුතු කළාග එම කැපවීමෙහි හඳුනා ගැනීමක් ලෙස මෙවර ජයග‍්‍රහනයෙන් අපි සතුටු වෙනවා. අවසන් වශයෙන් මේ සියලූ කැපකිරීම් හරහා අපි සම්මානයන්ට වඩා බලාපොරොත්තු වන්නේ අපගේ පාරිභෝගිකයින්ගේ ආර්ථික සමෘද්ධිය සහ විශ්වාසයයි’’ යනුවෙන් JB Financial හි ප‍්‍රධාන විධායක සහ ජයග‍්‍රාහී අරමුදලෙහි කළමනාකාරීනි ක‍්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

    2011 වර්ෂයේ සිට JB Vantage ඒකකය භාරයන් ක‍්‍රියාත්මක වන අතර එහි අරමුදල් අතරට JB Vantage Money Market Fund, JB Vantage Value Equity Fund සහ අලූතින් ආරම්භ කළ JB Vantage Short Term Gilt Fund යන ඒකක භාරයන් අයත් වෙයි. JB Vantage ඒකක භාරයන්හි භාරකරු සහ පාලකයා බවට Deutsche බැංකුව පත්ව සිටී. සමාගම ක්ෂේත‍්‍රයේ දෘඩ යහපාලන පිළිවෙත් ක‍්‍රියාත්මක කරමින් ගෝලීය ආයෝජන කාර්යසාධනයන් සහ වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ CFA Asset Manager Code වලට අනුකූලව කටයුතු කරයි.

    සේයා රූ සටහන - වමේ සිට -  මිෆ්නාස් ජවාර් - සභාපතිනිය CFA Sri Lanka Capital Market Awards 2017  සම්මාන උළෙල, එෂානි මෝතා - අරමුදල් කළමනාකරණ සහායක , සොනාලි පෙරේරා - ආචාර ධර්ම සහ අනුකූලතා ප‍්‍රධානී, ක‍්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක - JB Financial හි ප‍්‍රධාන විධායක, ශාරන්ග් පන්ට් - කළමනාකාර අධ්‍යක්‍ෂ නීල්සන් ලංකා සමාගම, රචිනි රාජපක්ෂ - සභාපති CFA Society Sri Lanka