JKH සුපිරි හෝටලයට ණය තීන්දුයි

    June, 25, 2015

    ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකරන සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඩොලර් මිලියන 395 ක ඒකාබද්ධ ණය මුදලක් ලබාගැනීම සඳහා අවසන් එකඟතාවයට පැමිණ ඇතැයි ජෝන් කීල්ස් සමාගම සඳහන් කරයි.

    මෙම ණය ලබාගැනීම සඳහා කොටස්කරුවන්ගේ අවසරය ලැබී තිබුණි.

    මෙම ව්‍යාපෘති භූමිය කොන්ත්‍රාත්කාර සමාගම වෙත පසුගියදා භාරදුන් අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.
    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 650 ක් පමණ ආයෝජනය කිරීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates