February, 11, 2020
ලොව සුපතල Kia කොරියානු මෝටර් රථ සමාගමේ නවතම SUV මෝටර් රථය වන Seltos මෙරට මෝටර් රථ ලෝලීන්ගේ උනන්දුව තව තවත් වැඩිකරමින් කොළඹදී එළිදක්වන ලදී.
පාරිභෝගික නෙත් සිත් ආකර්ශනයට ලක්කරන විචිත‍්‍රවත් නිර්මාණී ගුණයෙන් පොහොසත් විශ්වසනීයත්වය තව තවත් වර්ධනය කරන 2020 Kia Seltos රථය අශ්වබල 140 ක් උත්පාදනය කරන ලීටර් 1.4 ක ටර්බෝ ආරෝපිත පෙට්රල් එන්ජිමකින් සමන්විත වේ. මීට අමතරව, වේග 07 ක ද්විත්ව ක්ලච් ඔටෝමැටික් ට‍්‍රාන්ස්මිෂන් තාක්ෂණයෙන් යුක්ත මෙම රථය විශිෂ්ට ජවයකින් යුක්ත වන අතර ඇතුළත පුළුල් ඉඩකඩකින් යුක්තව අතිනවීන පහසුකම් වලින් පරිපූර්ණ වන ලෙස නිෂ්පාදනය කර තිබේ.
ශක්තිමත් සෘජු පෙනුම සහ ඉහළ ග‍්‍රවුන්ඞ් ක්ලියරන්ස් ගුණාංග හේතුවෙන් Seltos රථය එම පන්තියේ අනිකුත් SUV මෝටර් රථ වලට වඩා ඉදිරියෙන් සිටින අතර එහි සුවපහසු අභ්‍යන්තරය උසස් තාක්ෂණයෙන් අනූන වන ලෙස නිර්මාණය කර තිබේ. මෙම SUV මෝටර් රථය මනා පරීක්ෂණ ගණනාවකට ලක් වී ඇති එන්ජින් වර්ග දෙකකින් (CRDi VGT 1.5 ලීටර් ඞීසල් එන්ජිම වෙළඳපොළට නුදුරේදීම හඳුන්වාදෙනු ඇත) ඉදිරිපත් කර තිබෙන අතර මෙම රථය ඉදිරිපස සහ පසුපස ස්කිඞ් ප්ලේට්ස් සහ බ්ලැක් වීල් ආර්ච් ක්ලැඩිං, අඟල් 17 ක ඇලෝයි රෝද, ඉලෙක්ටි‍්‍රක් ස්ටැබිලිටි කන්ට්‍රෝල්, හිල් ස්ටාර්ට් ඇසිස්ට් කන්ට්‍රෝල් සහ A.B.S වැනි ගුණාංග වලින් සමන්විත වන නිසා ප‍්‍රමාණය සහ පන්තියට සාපේක්ෂව ඉහළ off-road ධාවන හැකියාවෙන්ද යුක්ත වේ.
Kia Seltos SUV මෝටර් රථයේ එළිදැක්වීම කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ අතර මෙම උත්සව අවස්ථාවට තානාපතිවරුන්, ක‍්‍රීඩා තරු, ජනප‍්‍රිය පුද්ගලයින් සහ ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගී විය. මේ අනුව, 2019 නොවැම්බර් මාසයේදී සිට Kia මෝටර්ස් (ලංකා) සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දුන් තුන්වන SUV මෝටර් රථය වන මෙය සඳහා දැඩි පාරිභෝගික ආකර්ශනයක් මෙම එළිදැක්වීමත් සමග ඇතිවී තිබේ.
මෙම උත්සවයේදී Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපි Kia Seltos මෝටර් රථයට වඩාත් ආකර්ශනය වන්නේ එය නව පරම්පරාවේ බලාපොරොත්තු සපුරාලන පරිදි නිර්මාණය කර තිබීම නිසාම නොවෙයි. මෙම මෝටර් රථය නවීන විලාසිතාවෙන්, නවීන තාක්ෂණයෙන් යුක්තවීම නිසාද වඩාත් ආකර්ශනීය වී තිබෙනවා. මෙය නියම ප‍්‍රමාණයෙන් සහ වෙළඳපොළේ වඩාත් ආකර්ශනීය මිල ගණන් වලින් යුක්තයි. Kia හි, ‘Power to Surprise’ තේමාව සඳහා Seltos කදිම උදාහරණයක් ලෙසින් දැක්විය හැකියි.’
Seltos රථයේ ශක්තිමත් බඳෙන් 61% ක් ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත ප‍්‍රබල ශක්තියකින් යුතු වානේ වලින් නිර්මාණය කර තිබෙන අතර අඩි 374 ක ව්‍යුහාත්මක සැකැස්ම මගින් මෙහි ශක්තිය තවදුරටත් වර්ධනය කර ඇත. ධාවනයේදී සාමාන්‍ය, ඉකෝ හෝ ස්පෝර්ට්ස් යන විකල්ප තත්ත්ව තුනෙන් තෝරාගත හැකි අතර මෙම විකල්ප ධාවන තත්ත්ව සඳහා අවශ්‍ය ධාවන අත්දැකීම ලබාදීම සඳහා අවශ්‍ය අනන්‍ය තත්ත්වයන්ගෙන් යුතුව මෙම රථ නිර්මාණය කර තිබේ.
මෙම රථය මෙයට සමානව වෙළඳපොළේ තිබෙන එම පන්තියේ රථවල අභ්‍යන්තර ඉඩකඩ ප‍්‍රමාණයට වඩා වැඩි ඉඩකඩ ප‍්‍රමාණයක් සහිතව නිර්මාණය කර තිබෙන අතර සුවපහසු නිදහස් ධාවනයක් සඳහා මෙය කදිම මෝටර් රථයක් වේ. මීට අමතරව, මෙහි භාණ්ඩ රැගෙන යන ඉඩ ප‍්‍රමාණයද අවශ්‍ය පරිදි වැඩිකර ගැනීමේ හැකියාවද තිබේ.
මෙම රථයේ තිබෙන rear-reclining පහසුකම නිසා පසුපස අසුනේ සිටින මගීන්ට සිය ඉඩකඩ පුළුල් කරගත හැකි අතර පිටුපස කිසිවෙකු නොමැති අවස්ථාවල පිටුපස අසුන් නවා වැඩි භාණ්ඩ ප‍්‍රමාණයක් රැගෙන යා හැකි පරිදි පිටුපස සකස් කරගත හැකිය. මේ අනුව, ඉඩකඩ පුළුල් කරගැනීමේ හැකියාව අනුව ගත්විට මෙම රථය වෙළඳපොළේ අනිකුත් රථ වලට වඩා ඉදිරියෙන්ම තිබීම කැපී පෙනෙන කාරණයකි.
මෙම රථය රුපියල් මිලියන 6.9 ත් රුපියල් මිලියන 7.6 ත් අතර මිලකට මිල නියම කර තිබෙන අතර වසර පහක හෝ කිලෝ මීටර් 150,000 ක වගකීම මෙම රථයට සමාගම විසින් ලබාදෙයි.
Kia මෝටර්ස් (ලංකා) සමාගම විසින් 1996 වසරේ සිට Kia සන්නාමය මෙරට නියෝජනය කරන අතර පසුගියදා සිය ආයතනික ව්‍යුහයේ වෙනස් කමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් මාලඹේ ඉදිකළ මධ්‍යස්ථානය, අනුබද්ධ ආයතන, අලෙවි, සේවා සහ වාහන අමතර කොටස් අලෙවිසැල් සම්බන්ධීකරණය කරන ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් කටයුතු කරයි. මෙම නව මෙහෙයුම් ව්‍යුහය ගොඩනගා තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය වාහන සන්නාමයක් වන Kia හි, වර්ධනය වඩාත් පහසු කරන ආකාරයටයි.



Video Story