Landmark Developers දේපල වෙළඳාම් ක්ෂේත්‍රය තුළ නව අවකාශයක් නිර්මාණය කරයි

    August, 11, 2017

    හෝටල් ජාල, විනෝදාස්වාද මධ්‍යස්ථාන සහ සාප්පු සංකීර්ණ වලින් යුත් ආසියාවේ නගර අතරින් වැඩිම ඉල්ලුමක් ඇති කොළඹ නගරය ඉතා වේගයෙන් දියුණු වන නගරයකි.  එබැවින් ඉදිකිරීමේ කර්මාන්තය පෙර නොවූ විරූ තරම් වර්ධනය වී තිබේ.

    වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකු කුඩා වශයෙන් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ඇතත් ඔවුන් අතරින් නිර්මාණශීලී විශිෂ්ඨත්වය, සේවා සැපයුම හා සුවිශේෂී නිෂ්පාදන තුළින් නගර නිර්මාණ ශිල්පීන්ගේ අවශ්‍යතාවන් ට සරිලන නවීන බවකින් යුතුව සේවා ලබා දෙමින් “Landmark” ඉදිරියෙන් සිටී.

    Landmark Developers Holding (Pvt) Ltd හුදෙක් ඉදිකිරීම් සමාගමක් ලෙසට සීමා නොවී ඉඩම් හිමිකරුවන්ගේ විශ්වසනීය උපදේශකවරයෙකුගේ භූමිකාවද කරමින් දේපල තෝරාගැනීමේ සිට සැලසුම්කරණය හා සංවර්ධනය, නීතිමය කටයුතු හා ලියකියවිලි සැපයීම, මෙන්ම අභ්‍යන්තර නිපැයුම් නිර්මාණ කටයුතු දක්වා සේවාවන් සපයනු ලැබේ.

    2017 වර්ෂයේ මුල් භාගයේ දී ආරම්භ කරන ලද Landmark Developers Holding (Pvt) Ltd ගෝලීය පැවැත්මක් ඇති ශ්‍රී ලංකාවේ තිරසාර දේපළ විසඳුම් දීමේ ප්‍රමුඛයා බවට පත්වීම ඔවුන්ගේ මූලික දර්ශනය කර ගෙන ආරම්භ කරන ලද්දකි. නීලංගනී හපන්ගම මෙහි සභාපතිනි වශයෙන් ක්‍රියා කරන අතර ඇය වෘත්තියෙන් රෙදිපිළි මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු වන අතර ළමා ගෘහ භාණ්ඩ හා ළමා සෙල්ලම් බඩු නිර්මාණ කිරීමෙහි පුරෝගාමියෙකුද වේ. කර්මාන්තය වෙනුවෙන් ඇයගේ දක්ෂතාවය සහ කැපවීම නිසා ඕස්ට්‍රේලියානු හා යුරෝපීය වෙළඳපොළ හි ද පසුගිය අවුරුදු 30ක් පුරාවට ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වී ඇත. කළමනාකාර අධ්‍යක්‍ෂ එක්සිත් හපන්ගම තම ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උපාධිය ඕස්ට්‍රේලියාවේ දී හදාරා තම මවගේ අඩිපාරේ යමින් අලෙවිකරණ කර්මාන්තයේ සිට පැසසුමට ලක්වෙමින් සම්ප්‍රදායික ව්‍යාපාර ආකෘති වෙනස් කිරීම හා නව්‍යකරණයට ලක් කරන තරුණ ව්‍යාපාරිකයින් අතරට එක වෙමින් ව්‍යාපාරයේ දියුණු කිරීම් කටයුතු වල යෙදෙයි.

    නිවාස හා වාණිජ ගොඩනැගිලි ඉදි කිරීම, දේශීය හා විදේශීකයන්ට කෙටි හා දිගුකාලීන දේපල කුලියට දීම,  පහසුකම් කළමනාකරණය හා නඩත්තුව, නෛතික හා මුල්‍ය උපදේශන, වාණිජ අවශ්‍යතා සඳහා ඉඩම් කට්ටි විකිණීම, සැලසුම් කිරීම හා සුඛෝපභෝගී මට්ටමේ සහ අඩු වියදම් නිවාස විසඳුම්, “Nano Homes”, අභ්‍යන්තර සැලසුම් මෙන්ම ශක්‍යතා අධ්‍යනයන් සහ ආයෝජන ව්‍යාපෘති සඳහා මහා බැංකුව හරහා අරමුදල් මාරු කිරීම වැනි සේවා ද මේ වන විට Landmark වෙතින් ලබා ගත හැක.

    Landmark හි පුළුල් දේපල සංවර්ධන සේවා පිලිබඳ වැඩි විස්තර සඳහා අමතන්න  0112  123 456