Lanka Realty Investments යුනිටි ප්ලාසා වැඩි අයිතිය අත්පත් කරගනී

    December, 3, 2020

    දේපළ වෙළෙඳ කාණ්ඩය යටතේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ON'ALLY HOLDINGS PLC සමාගමේ 50% ක් ඉක්මවූ කොටස් අයිතිය අත්පත් කරගැනීමට තවත් ලැයිස්තුගත සමාගමක් වන Lanka Realty Investments PLC අද (03) දින පියවර ගන්නා ලදී.

    කොළඹ යුනිටි ප්ලාසා වාණිජ ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය පවතින්නේ ON'ALLY HOLDINGS PLC යටතේ ය.

    මෙහිදී කොටස් හිමිකාරීත්වය අනුව ON'ALLY HOLDINGS PLC හි අංක 02 සිට අංක 07 දක්වා වූ ප්‍රමුඛ කොටස්කරුවන් විසින් සිය කොටස් හිමිකාරීත්වයන් අලෙවි කර තිබේ.

    මෙම කොටස්කරුවන් 06 දෙනා සහ ඔවුන් හිමිකම් කියූ කොටස් ප්‍රමාණයන් ප්‍රතිශතයන්ද සහිතව පහත පරිදි වේ.

    2. Renuka Capital PLC - 40,754,820 (43.821%)
    3. Petro Energy Lanka (Pvt) Ltd  - 2,000,000 (2.150%)
    4. Kirimanjaro Investments (Private) Limited - 1,847,936 (1.987%)
    5. Ashthi Holdings (Private) Limited - 1,027,987 (1.105%)
    6. Capital Alliance Holdings Ltd - 864,518 (0.930%)
    7. Dr. S R Rajiyah & Mrs I R Rajiyah - 748,789 (0.805%)

    මේ අනුව Lanka Realty Investments PLC විසින් අත්පත් කර ගන්නා ලද සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 47,244,050 ක් වේ. එය සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 50.8% කි. මේ අනුව මෙතෙක් ON'ALLY HOLDINGS PLC  හි කොටස් 41,666,660 (44.801%) කට හිමිකම් කියමින් එහි ප්‍රධාන කොටස්කරුවා වූ නාගරික සංවර්ධන අධිකාරිය කොටස් හිමිකාරීත්ව ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වනු ඇත.

    මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.42 (රු. 1,426,770,310.00) ක් වේ.