Lassana.com නවතම මල් සහ තෑගි පාරාදීසය දැන්, Cinnamon Grand Colombo හිදී විවෘතයි

    June, 11, 2026

    ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි සේවා ක්ෂේත්‍රයේ අසිරිමත් පෙරළියක් කළ Lassana.com, කොළඹ Cinnamon Grand Colombo හෝටල් පරිශ්‍රයේදී සිය නවතම සුඛෝපභෝගී මල් ප්‍රදර්ශනාගාරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමඟින් කොළඹ සංචාරක හා lifestyle ක්ෂේත්‍රයේ සිය සලකුණ තැබූ Lassana.com, ශ්‍රී ලාංකීය පාරීභෝගිකයින්ගේ, මල් සහ තෑගි අවශ්‍යතාවන්ට ගැළපෙන ඉහළම විසඳුම් පමණක් නොව, විශිෂ්ටතම මංගල සැරසිලි සේවාවන්ද එකම තැනකින් පිරිනමමින්, වඩාත් හෘදයාංගම අත්දැකීමකට පාරිභෝගිකයින්ට දොරගුළු විවර කරයි.

    අගනගරයේ මෙම නවතම මල් පාරාදීසය, සුබ මොහොතින් විවෘත කරන ලද්දේ, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ Lassana.com සන්නාම තානාපතිනි, 2025 ලෝක රු රැජින කිරුළ සඳහා හිටපු ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනෙවිය විසිනි. ලස්සන සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා, එහි මල් අංශයේ ප්‍රධානී පීට් ඩි ජොන්ග් මහතා සහ Cinnamon Grand Colombo හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අස්හර් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක්ම, මලින් පිරි සැන්දෑ‌ව වර්ණවත් කරමින් එක්ව සිටියහ.

    අගනගරයේ සුවිශේෂි සලකුණක් බඳ Cinnamon Grand හෝටලයට පිවිසෙන දෙස් විදෙස් අමුත්තන්ගේ නෙත් සිත් ඇදගන්නා, ලස්සන සන්නාමයටම ආවේණික  අසිරිමත් මල් කලාවට මූුසු කළ නවීනත්වය, පාරිභෝගිකයින්ට ගෙන එන මෙම නවතම ප්‍රදර්ශනාගාරයෙන්, නැවුම් මල් සමඟින් සිත් ඇදගන්නා මල් කළඹවල් සහ පාරිභෝගිකයින්ගේ සෑම සුවිශේෂී අවස්ථාවක් සඳහාම පහසුවෙන් ලබාගත හැකි විසඳුම් රැසක් පිරිනැමේ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ ලසන්ත මලවිගේ මහතා මෙලෙස සඳහන් කළේය.  “සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අපේ නවතම ශාඛාව ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ දැවැන්තම මල් සහ තෑගි පද්ධතිය ගොඩනැගීමේ Lassana.com ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ හරහා මෙරට ප්‍රමුඛතම මල් සන්නාමයක් සමඟින් කීර්තිමත් ආගන්තුක සත්කාරක සන්නාමයක් එකට අත්වැල් බැඳගෙන පාරිභෝගිකයින්ට ඉහළම මට්ටමේ සුඛෝපභෝගී අත්දැකීමක් ලබාදෙනවා.  මෙම නව ප්‍රදර්ශනාගාරය, ඒ වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට පමණක් නොවෙයි, Lassana.com වෙබ් අඩවිය හරහා ඇණවුම් කර ලබාගත හැකි පරිදි, ක්‍රම රැසකින් සේවාව සලසන මධ්‍යස්ථානයක්. විශේෂයෙන්ම, Cinnamon Grand හෝටලයේ ප්‍රණීත ආහාර සමඟ අපේ නැවුම් මල් එකතුව, කොළඹ 1 සිට 4 දක්වා ප්‍රදේශවලට පරිසර හිතකාමී විද්‍යුත් වාහන භාවිතයෙන් නොමිලේ ප්‍රවාහනය කර දීමටත් අප කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සමඟ, අනර්ඝ තත්ත්වයේ නැවුම් මල්, ප්‍රණීත ආහාර, සුව පහසුව සහ තිරසාරත්වය සමඟින්, ජීවිතයේ සොඳුරුතම අවස්ථා සැමරීමට අපගේ පාරි‌භෝගිකයින්ට මේ හරහා අවස්ථාව සලසා තිබෙනවා. ”

    මල් සහ මිනිස් ජීවිතය අතර ඇති බැඳීම සිහිගන්වමින්, සන්නාම තානාපතිනි අනුදි ගුණසේකර මෙනෙවිය, “මල් අපට කියදෙන පාඩම ඉතා වැදගත්. ඒවා පිපෙනවා, පරවෙනවා, නැවතත් පිපෙනවා. ජීවිතයේ සතුටත් ඒ වගෙයි. කාලයකට අපෙන් ඈත් වෙන සතුට නැවත අප කරා ඒම ස්වභාවයයි. මල් අපට නිරන්තරයෙන් මතක් කර දෙන්නේ ඒ බලාපොරොත්තුවයි.” යනුවෙන් සඳහන් කළාය.

    Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරී නසූමි අස්හර් මහතාද අදහස් පළ කළේය. “අමුත්තන්ගේ අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් උත්සාහ දරන Cinnamon Grand Colombo අපි, Lassana.com සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය තුළින්, විශිෂ්ටත්වය, නිර්මාණශීලිත්වය සහ පාරිභෝගික තෘප්තිය උදෙසා කැපවුණු, මෙරට පිළිගත්  සන්නාම දෙකක අපූර්ව සුසංයෝගය ගෙන එනවා. මින්, අපගේ Lifestyle සහ සැමරුම් අත්දැකීම් තවදුරටත් වර්ණවත් කරන නිසා, Lassana.com, අපගේ පරිශ්‍රයට සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් හා එක්ව, අමුත්තන් සඳහා අමතක නොවන සුන්දර මතකයන් දායාද කිරීම අපේක්ෂාවයි."

    තම වෙළෙඳ ජාලය  ශ්‍රී ලංකාව පුරාම  ව්‍යාප්ත කිරීමේ අනාගත දැක්මෙන් යුත් Lassana.com, හෝටල් ක්ෂේත්‍රයේ නවතම සහයෝගිතාවන්ට එළඹෙමින්, නව්‍යකරණයෙන් සපිරි, මල් හා  තෑගි විසඳුම් හඳුන්වාදීමටත් බලාපොරොත්තු වෙයි.

     

    වමේ සිට : 2025 ලෝක රු රැජින කිරුළ සඳහා හිටපු ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනෙවිය, ලස්සන සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා Cinnamon Grand Colombo හෝටල් පරිශ්‍රයේ Lassana.com හි Experience Store ප්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක්.