LOLC කාම්බෝජයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක බලය අල්ලයි

    March, 20, 2017

    කාම්බෝජයේ PRASAC Microfinance Institution Limited හි කොටස් හිමිකාරීත්වය 22.5% සිට 70% දක්වා ඉහළ නැංවීමට LOLC සමූහය පසුගියදා පියවර ගන්නා ලදී.

    මෙහිදී PRASAC Microfinance Institution Limited හි 47.75% කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 186 ක මුදලක් ආයෝජනය කිරීමට LOLC සමූහයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC International විසින් කටයුතු කරනු ලැබීය.

    මේ අනුව PRASAC Microfinance Institution Limited හි නව කොටස් හිමිකාරීත්ව ව්‍යූහය LOLC - 70% ක්, BEA – 21% ක් හා P S Co., Ltd 9% ක් ලෙසින් සකස් වී ඇත.

    කාම්බෝජයේ කෘෂිකාර්මික අංශය වෙත ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් 1995 වසරේ දී ඇරඹි PRASAC සමාගම, පසුගිය දශකයක කාලයක් පුරාවට සිය වත්කම් පදනම ඇමරිකානු ඩොලර් මිලියන 37 සිට ඩොලර් බිලියන 1.3 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබේ.