August, 6, 2017
කොළඹ නාගරික ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරමින් පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) පද්ධතියක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ඉදි කෙරෙන පළමු සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග දෙකෙහි ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන දැනටමත් සිදු කෙරෙමින් පවතී.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ඒ සඳහා අවශ්‍ය ඉඩම් එකී ශක්‍යතා අධ්‍යයනය මඟින් හඳුනාගත් වහාම අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කළ යුතු බවත් ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන පාර්ශ්ව වෙත වඩාත් සාධාරණ වන්දි මුදලක් ලබා දීම මඟින් අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ප්‍රමාදයකින් තොරව සිදු කිරීමේ අරමුණින්, ඒ සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ කමිටු (LARC) සහ ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ විශේෂ කමිටු (Super LARC) ක්‍රමවේදය අනුගමනය කරනු ලබන බවත් රජය පවසයි.
මේ සම්බන්ධ යෝජනාව සඳහා පසුගිය වර අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය හිමිව තිබේ.
Video Story