Lunch sheets නීති දැඩි වෙයි

    December, 3, 2019

    ආහාර එතුම් හෙවත් Lunch sheets නිෂ්පාදකයින් හා වෙළෙඳුන් විසින් එම එක් එක් ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයකම,

    1. සන්නම් නාමය
    2. උපරිම සිල්ලර මිල
    3. නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය
    4. නිෂ්පාදිත දිනය හා ආයු කාලය
    5. භාවිතා කරන ලද අමුද්‍රව්‍ය
    6. භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය
    7. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය
    8. එතුමක ප්‍රමාණය
    9. පැකට්ටුවක හෝ බණ්ඩලයක අඩංගු එතුම් සංඛ්‍යාව

    පිළිබඳ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම සැකසූ ලේබලයක් අඩංගු කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.