July, 24, 2017
ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන Marriott හි නවතම සුඛෝපභෝගී හෝටලය පසුගිය ජූලි 20 වැනිදා වැලිගම දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. ඒ Marriott Resort & Spa- Weligama Bay නමිනි.
East West Properties Ltd හි අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd විසින් මෙම හෝටලයේ හිමිකාරීත්වය දරනු ලබන අතර හෝටලයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම කිසිදු උත්සව කටයුත්තකින් තොරව සිදුවීම විශේෂත්වයකි.
Marriott Resort & Spa- Weligama Bay හි මෙහෙයුම් ඇරඹි බව East West Properties Ltd විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පසුගියදා දැනුම් දෙනු ලැබීය.
Marriott Resort & Spa- Weligama Bay කාමර 198 කින් සමන්විත වේ.
වර්ග අඩි 350,000 ක වපසරියකින් යුතු මෙය ශ්‍රී ලංකාවේ නවතම තරු පහේ හෝටලය යි.
Video Story