MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී

    April, 10, 2018

    මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) හි අනුබද්ධ සමාගමක් වන MBSL ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට, ඊයේ (09) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී තීරණය කර බව මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මේ පිළිබඳ තීරණය 2016 සැප්තැම්බර් මාසයේ දී ගනු ලැබූ අතර එහිදී මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ට අයත් MBSL ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් හි 84.12% ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම තීරණය කරන ලදී.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයේන අද (10) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ සඳහා හොඳම ලංසුව ලබා දුන් ආයෝජකයා හට නියාමන ආයතනයන් හි අනුමැතිය හිමි වී නොමැති බවයි.