April, 20, 2017
රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 10 ක් සඳහා මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් කැඳවා තිබූ ණයකර නිකුතුවට අධිදායකත්වයක් ලැබී ඇති බව සමාගම පවසයි.
මෙම නිකුතුවේ දී මූලික වශයෙන් ණයකර මිලියන 10 ක් රු. 100 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර අද (20) දහවල් 12.30 වන විට එම ප්රමාණය ඉක්මවා ඇයදුම්පත් ලැබී ඇත.
මේ අතර විකල්පයක් වශයෙන් තවත් ණයකර මිලියන 10 ක් රු. 100 බැගින් නිකුත් කිරීමට සමාගම සැලසුම් කර ඇත.
මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙනුවෙන් එහි සංස්ථාපිත උපදේශන හා ප්රාග්ධන වෙළෙඳපොළ අංශයේ වැඩ බලන ප්රධාන කළමනාකාරිණිය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටිනුයේ ණයකර මිලියන 20 ක් දක්වා අයදුම්පත් ලැබෙන තෙක් හෝ 2017 මැයි 12 වන දින දක්වා මෙම නිකුතුව විවෘතව පවතින බවයි.
Video Story