October, 29, 2019
ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බව මුදල් අමාත්‍යාංශ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කෙරේ.
මෙම ප්‍රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප්‍රධාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇත. Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතී.
ඇමරිකානු ජනතාවගෙන් මෙම ප්‍රදානය ලබාගන්නා 37 වන රට ශ්‍රී ලංකාව වේ. අද දින (29) අමාත්‍ය මණ්ඩලය විසින් දෙනලද අනුමැතිය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නුදුරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 ආරම්භ වීමත් සමඟ ක්‍රියාත්මක කෙරේ.
මෙය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් වන අතර, රටේ ඉදිරි අනාගතයට හොඳ අවස්ථාවක් වනු ඇත. Millennium Challenge Corporation වෙතින් ලැබෙන මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට සාකච්ඡා ඇරඹුවේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 2001 වසරේදීය. ඒ අනුව, මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ සහ MCC නියෝජිතයන් අතර පැවැත් වූ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීන්දුවට එළඹීමට හැකිවිය.
Video Story