August, 6, 2019
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) යනු සංවර්ධන ආධාර සපයන එක්සත් ජනපද ආයතනයක් බවත්, ආර්ථික වර්ධනය හා සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ශ්රී ලංකා රජයට සහ ජනතාවට ලබා දුන් ඩොලර් මිලියන 480, ප්රදානයක් මිස, ණයක් නොවන බවත් ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටී.
මෙහිදී වැඩිදුරටත් තානාපතිනිය කියා සිටියේ මෙම ආධාර ලැබෙන්නේ මෙරට ප්රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ශ්රී ලංකා රජයේ ඉඩම් පරිපාලන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සඳහා බවයි. මේ නිසා ශ්රී ලංකාවේ ණය එක රුපියලකින්වත් වැඩි නොවන බව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් අවධාරණය කර සිටියාය.
පසුගිය දා ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ - ඇමරිකා එක්සත් ජනපද ව්යාපාරික කවුන්සිලයේ තෙවන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මේ බව සඳහන් කළ අතර එහිදී ඇය විසින් කළ සම්පූර්ණ කථාව පහතින් දැක්වේ.





Video Story