Moody’s  ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහළ දමයි

    September, 29, 2020

    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's Investors Service විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන විදේශ මුදල් නිකුතු (long-term foreign currency issuer) සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ශ්‍රේණිගත කිරීම් (senior unsecured ratings) ස්ථාවරය, B2 සිට Caa1 දක්වා පහත දමා ඇත. මෙයත් සමඟ 2020 අප්‍රේල් 17 වන දින ආරම්භ කරන ලද පහත හෙලීම සඳහා වූ සමාලෝචනය අවසන් වේ.

    Moody's  විසින් සමාජ අවදානමක් ලෙස සලකන කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ දැනටමත් අරමුදල් හා බාහිර ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති බවට වන සිය ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2 සිට Caa1 දක්වා පහත දැමීමට හේතු වී තිබේ.

    ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බාහිර ණය සේවාකිරීම් සපුරාලීම සඳහා ඉහළ ද්‍රවශීලතාවයක් සහ බාහිර අවදානම් ඇති වන්නේ එම කාලය තුළ වෙළඳපල ප්‍රතිමූල්‍යකරණය ආයෝජකයින්ගේ ස්ථාවරත්වය වෙනස්වීම් වලට ගොදුරු විය හැකි බවත්, ඒ අතරම රාජ්‍ය ණය හා බාහිර පීඩනයන් දිගු කාලීන ණය අවදානම් සඳහා විසඳුම් ලබා දීම සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා වන විෂය පථය සීමා කරනු ඇති බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දේ.