July, 8, 2024
NDB බැංකුව මගින් ඉදිරිපත් කළ ‘අවුරුදු දුපත’ ඔන්ලයින් ගේමින් (Virtual Gaming) හරහා ලැබුණු අරමුදල් Clean Ocean Force වෙත පරිත්‍යාග කරන ලදී. මෙමඟින් බැංකුව සිය තිරසාරත්වය වෙනුවෙන් වන ඔවුන්ගේ තවත් එක් ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහනට සම්බන්ධ වී තිබේ. මෙම අරමුදල ඔන්ලයින් මාර්ගයෙන් ක්‍රීඩා කරන අතරතුර එයට සම්බන්ධ වූ පරිශීලකයන් විසින් NDB NEOS ඔන්ලයින් ඇප් එක භාවිතයෙන් QR ගෙවීම් ලෙස Clean Ocean Force වෙත පරිත්‍යාග කරන ලදී. මෙමඟින් NDB බැංකුව පාරිසරික සංරක්ෂණය සඳහා ඔවුන්ගේ ඇති කැපවීම තහවුරු කිරීමට අමතරව සමාජ සුභසාධනය වෙනුවෙන් තාක්ෂණික නවෝත්පාදන නිර්මාණය කිරීමේ ඔවුන්ගේ ඇති කැපවීමද ඉස්මතු කරයි.
සිංහල සහ දෙමළ අලූත් අවුරුදු සමයට සමගාමීව අපේ‍්‍රල් මාසය තුළ පවත්වන ලද අවුරුදු දුපත ඔන්ලයින් ගේමින් වැඩසටහන NDB NEOS ඇප් එක සමඟ ක්‍රියාත්මක වීය. Gamer.LK සමඟ සහයෝගීත්වයෙන් යුතුව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන NDB හි ඩිජිටල් නවෝත්පාදන සහ පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වීමේ තවත් එක් ක්‍රියාකාරකමකි. ඔන්ලයින් මඟින් නිර්මාණය කළ ‘අවුරුදු දුපත’ ක්‍රීඩාව මඟින් සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, ආකර්ශනීය චරිත සහ සිත් ඇදගන්නාසුළු කථාන්දර ඇතුළත් වූ අතර, අවුරුදු සමයේ ඇති සංස්කෘතික වටිනාකම් සමඟින් සිත් ඇදගන්නාසුළු ඔන්ලයින් ක්‍රීඩා අත්දැකීමක් ලබාදුනි.
මෙම ක්‍රීඩාවේදී, ක්‍රීඩකයන් ‘අවුරුදු දුපත’ පුරා විසිරී තිබණු ‘NDB කොටස්’ (NDB fragments) සොයා ගැනීමට එකට වැඩ කළ යුතු අතර, මෙම කොටස් දිවයිනට තර්ජනය කරන ආර්ථික යක්ෂයා පරාජය කිරීමට අවශ්‍ය විශේෂ හැකියාවන් ලබා දෙයි. මෙම ක්‍රීඩාව සැලසුම් කර ඇත්තේ අලූත් අවුරුද්දේ ඇති සංස්කෘතික වටිනාකම් විදහා දක්වමින් එහි ඇති වැදගත්කම ඉස්මතු කරමිනි.
NDB බැංකුවේ අලෙවිකරණ අංශයේ සහකාර උප සභාපති දර්ශන ජයසිංහ මහතා මේ පිළිබඳව සිය අදසස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ‘මෙම මුලපිරීම අප පාරිභෝගිකයන්ට අප සමඟ සම්බන්ධ වීමට සැකසූ වැඩටහනක් පමණක් නොව තිරසාරභාවය සඳහා වන අපගේ කැපවීම ද ඉස්මතු කිරීමක්. සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් ඩිජිටල් අත්දැකීමක් බවට පත් කිරීමට අපට හැකි උනා. එමඟින් අපගේ ගනුදෙනුකරුවන් ට අප සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් හිමි වූ අතරම එමඟින් පරිසරය වෙනුවෙන් ආපසු යමක් ලබාදීමට ද අපට හැකි උනා. එය අප සියලූදෙනාගේම අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක්’ ලෙසයි.
මිලියන 1.5කට අධික තරුණ පිරිසක් ක්‍රියාශීලීව සම්බන්ධ වූ මෙම ඔන්ලයින් ගේමින් වැඩසටහන අති සාර්ථක විය. අපේ‍්‍රල් 10 වන දින, ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ක්‍රීඩාවේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් 18 දෙනෙක් මෙම අවස්ථාව සජීවීව ඔන්ලයින් මඟින් විකාශනය කිරීමට එක් වූ අතර, NDB NEOS ඇප් එකෙහි ඇති පහසු හැසිරවීම සහ තවත් විශේෂාංග රැසක් පිළිබඳව සම්බන්ධ වී සිටි පිරිස දැනුවත් කරන ලදී. මේ අතර ක්‍රීඩාවේ නිරත වූ එම ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළදී ඇතැම් මිළදී ගැනීම් සඳහා සහ ‘අවුරුදු ගනුදෙනු’ ක්‍රියාත්මක කිරීම සඳහා, NDB NEOS QR ගෙවීම් මාධ්‍ය භාවිතා කරන ලදී. මේ සමඟම එම ගනුදෙනු සිදුකිරීමේදී Clean Ocean Force හි ‘Adopt a Beach’ වැඩසටහන සඳහාද ඔවුන් අරමුදල් සඳහා දායක වී ඇත.
NDB බැංකුව ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රයේ පුරෝගාමියකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බැවින්, එමඟින් අසමසම පහසුවක්, ආරක්ෂාවක් සහ සේවා ගුණාත්මක භාවයක් සැපයීමට නිබඳවම කැපවී සිටී. ‘අවුරුදු දුපත’ වැඩසටහනේ සාර්ථකත්වය මගින් පිළිබිඹු කරන්නේ සියළු දෙනාටම එකට සම්බන්ධ වීම හරහා ප්‍රජාවක් ලෙස සාමූහිකව අත්දැකීම් ලබාගැනීමට හැකිවන ඩිජිටල් නවෝත්පාදක නිර්මාණය කිරීමට NDB බැංකුව සතු හැකියාවයි.
NDB බැංකුවේ Clean Ocean Force සමඟ ඇති හවුල්කාරිත්වය, ඩිජිටල් බැංකුකරණය සහ තිරසාරත්වය යන දෙකෙහිම ප්රමුඛයෙකු ලෙස NDB බැංකුවේ කාර්යභාරය යළි තහවුරු කරමින් නව්‍ය ඩිජිටල් මුලපිරීම්, සමාජ සහ පාරිසරික යහපත සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳ කදිම උදාහරණයක් සපයයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොළ ආශ්රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
ඡායාරූප විස්තරය - (වමේ සිට් දකුණට) මාරියෝ පෙරේරා, අලෙවි කළමනාකරු - NDB බැංකුව ඳ ජෙරොම් ප්‍රනාන්දු, Clean Ocean Force හි සභාපති/නිර්මාතෘ ඳ දර්ශන ජයසිංහ, අලෙවි ප්‍රධානී/ සහාකාර උප සභාපති - NDB බැංකුව ඳ රමේෂ් ලියනගේ, අධ්යක්ෂ - InGame Esports.
Video Story