NDB බැංකුව තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා නවතම ISO 27001 : 2022 සහතික ලත් පළමු ශ‍්‍රී ලාංකික බැංකුව බවට  පත්වෙයි

    July, 31, 2024

    බැංකු ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා හඳුන්වා දෙන NDB බැංකුව සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය (Information Security Management System – ISMS) සඳහා නවතම ISO 27001 : 2022 සහතික හිමිකරගත් පළමු ශ‍්‍රී ලාංකික බැංකුව ලෙස සිය සුවිශේෂී ජයග‍්‍රහණනය සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම කීර්තිමත් සහතිකය ගෝලීය වශයෙන් පිළිගත් ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ බැංකුවේ ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන් සහ බැංකුවේ තොරතුරු හා වත්කම් ආරක්ෂා කිරීම වෙනුවෙන් හිමිකර ගෙන ඇති අතර, ඒ වෙනුවෙන් NDB බැංකුවෙහි ඇති කැපවීම අවධාරණය කරයි.

    ISO 27001 : 2022 සහතිකය තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා ජාත්‍යාන්තරව පිළිගත් ප‍්‍රමිති සහතිකයකි. මෙම සහතිකය ලබා ගැනීම, දත්ත සුරක්ෂිතව තබා ගැනීම සහ තොරතුරු ආරක්ෂණ කළමනාකරණය කිරීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙහි ලා NDB බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරයි. මෙම සහතික කිරීමේ ක‍්‍රියාවලිය සඳහා NDB බැංකුවේ තොරතුරු ආරක්ෂණ ප‍්‍රතිපත්ති, ක‍්‍රියා පටිපාටියන් සහ පාලනයන්, ප‍්‍රමිතිකරණය සඳහා වන ජාත්‍යාන්තර සංවිධානය (ISO) විසින් නියම කරන ලද දැඩි නියාමනයන් සපුරාලීම සහතික කරමින් ඉතා පුළුල් වූ විගණනයක් පවත්වනු ලැබීය.

    තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම සඳහා වූ NDB බැංකුවේ කැපවීම, තොරතුරු පද්ධති විගණනය සහ පාලනය කිරීමේ සංගමය (Information Systems Audit and Control Association – ISACA) විසින් මෑතකදී පිරිනමනු ලැබූ සම්මානය මඟින් ද තව දුරටත් තහවුරු වේ. බැංකු ක්ෂේත‍්‍රයේ වසරේ හොඳම තාක්ෂණික ප‍්‍රතිරෝධී සමාගම ලෙස NDB බැංකුව කීර්තිමත් ISACA සම්මානයෙන් පිදුම් ලැබූ අතර, මෙම ගෞරවනීය පිළිගැනීම NDB බැංකුවේ ශක්තිමත් තාක්ෂණ යටිතල පහසුකම් සහ තාක්ෂණික වශයෙන් ඇති වන බාධාවන් වලට ඔරොත්තු දීමේ හැකියාවන් මනා ලෙස පිළිඹිබු කරයි.

    ISO 27001 : 2022 සහතිකයට අමතරව NDB බැංකුව විසින් ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management Systems – BCMS) සඳහා ISO 22301 සහතිකය ද ලබා ගන්නා ලදී. මෙම සහතිකය අනපේක්ෂිත බිඳ වැටීම් හමුවේ ව්‍යාපාරික මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා NDB බැංකුවේ පෙර සූදානම පිළිබඳ සක්ෂියකි. ISO 22301 සහතිකය ලබා ගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව NDB බැංකුව වීම විශේෂත්වයකි.

    NDB බංකුවේ ප‍්‍රධාන තොරතුරු නිලධාරී (CIO) සහ තොරතුරු තාක්ෂණ අංශ උප සභාපති - (VP – IT), ඉන්දික ගුණවර්ධන මහතා, NDB බැංකුවේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා වන කැපවීමේ මූලික අඩිතාලම ලෙස දත්ත සුරක්ෂිතතාව සඳහා වන බැංකුවේ ඇති උපායමාර්ගයන් පිළිබඳ අවධාරණය කළේය.  “අපගේ දත්ත  ඕනෑම ආකාරයකින් ආරක්ෂා කිරීම පිළිබඳ අපට පැහැදිලි දැක්මක් ඇත. ISO 27001 : 2022 සහ ISO 22301 යන සහතිකයන් ලබා ගැනීම තොරතුරු තාක්ෂණ සුරක්ෂිතභාවය සහ ව්‍යාපාර අඛණ්ඩතාව සඳහා අපගේ ක‍්‍රියාකාරී ප‍්‍රවේශය පිළිබඳ  පැහැදිලි පිළිබිඹුවකි. විවිධ වූ බිඳ වැටීම් හමුවේ අප සතු ඔරොත්තු දීමේ පද්ධතීන් සහ දත්ත සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා අපගේ උසස් තත්වයෙන් යුතු ආරක්ෂිත තාක්ෂණයන් සහ ශක්තිමත් ක‍්‍රියාවලීන් සඳහා සැලකිය යුතු මට්ටමකින් ආයෝජනයන් සිදු කර ඇත. තව දුරටත් අපගේ සේවාවන් ජාත්‍යාන්තර වශයෙන් නියම වූ ප‍්‍රමිතීන් සපුරාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය (IT Service Management) සඳහා  ISO 20000 සහතිකය ද, දත්ත රහස්‍යතා කළමනාකරණය (Management of Data Privacy) සඳහා ISO 27701 සහතිකය ද මෙම වසර තුළ ලබා ගැනීමට සැලසුම් කරන බවට ප‍්‍රධාන තොරතුරු නිලධාරීතුමන් පවසා සිටියේය.

    NDB බැංකුවේ තොරතුරු තාක්ෂණ ආරක්ෂක අංශ ප‍්‍රධානී රසික සම්පත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ, NDB බැංකුවේ කළමනාකාරීත්වය විසින් ගන්නා ලද බුද්ධිමත් තීරණ හේතුවෙන් ඔවුනට මෙම ජයග‍්‍රහණය හිමිකර ගැනීමට හැකි වූ බවයි. ඉහළ කළමනාකාරිත්වයේ දැක්ම සහ විශිෂ්ඨත්වය සඳහා වූ කැපවීම මෙම වැදගත් සන්ධිස්ථාන කරා බැංකුව මෙහෙයවීමට ඉවහල් වී තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ‘අපි දැනටමත් ලබා ඇති ජයග‍්‍රහණ වලට අමතරව, වඩාත් දියුණු ආරක්ෂක විසඳුම් සහ ආරක්ෂණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වන අනාගත සැලසුම් සකසා තිබෙනවා. දේශීය සහ ගෝලීය වශයෙන් සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා NDB බැංකුව වඩාත් විශ්වාසදායක සහ සුරක්ෂිත බැංකු හවුල්කරුවා වන බව සහතික කිරීම මෙම පියවරයන්ගේ මූලික අරමුණයි.

    තාක්ෂණයේ සීඝ‍්‍ර පරිවර්ථනයත් සමඟ සයිබර් අවකාශය වඩ වඩාත් අවදානමට ලක්විය හැකි ක්ෂේත‍්‍රයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන මූල්‍ය වංචා සිදුකරන සයිබර් අපරාධ කරුවන්ගේ ඉලක්කයන් බවට නිබඳවම පත් වේ. අපගේ ගනුදෙනුකරුවන් මේ පිළිබඳව දැනුවත් අතර, ආරක්ෂක ප‍්‍රමිතීන් සඳහා ජාත්‍යාන්තර සංවිධාන විසින් අනුමත කරන ලද ආයතනවලින් බැංකු විසඳුම් ලබා ගැනීමට ඔවුන් උනන්දු වේ. NDB බැංකුවේ අපි මෙම අවදානම් වලට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය ඉතුරුම් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් ලබා දීමට කැපවී සිටිමු.

    තොරතුරු තාක්ෂණ ආරක්ෂාව කෙරෙහි බැංකුවේ අවධානය යොමු වන්නේ හුදෙක් නියාමන අවශ්‍යතාවයන් සඳහා පමණක් නොව ආයතනය තුළ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව පිළිබඳ වගකීමක් සහිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වේ. NDB බැංකුව විසින් අති නවීන තාක්ෂණයන් භාවිතාවත්, අඛණ්ඩ නිරීක්ෂණ සහ නිරන්තර ආරක්ෂක විගණන ඇතුළත් බහු-ස්ථර ආරක්ෂණ උපාය මාර්ගයක් ක‍්‍රියාත්මක කර ඇත. මෙම පියවර සැලසුම් කර ඇත්තේ බැංකුවේ මෙහෙයුම්වලට බලපෑම් කිරීමට හෝ පාරිභෝගික දත්තවලට හානි කිරීමට සිදුවිය හැකි තර්ජන කලින් හඳුනා ගැනීමට සහ අවම කිරීමට ය.

    NDB බැංකුව නිරන්තරයෙන්ම ගෝලීය ප‍්‍රමිතීන් පවත්වාගෙන යමින් එහි තොරතුරු ආරක්ෂාව පවත්වා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට නිබඳවම කැපවී සිටී. ඉරියේදී ඇති වියහැකි අවදානම් සහ අනතුරු හඳුනාගෙන, ඒවාට පෙර සූදානම් වීම සහ ඉහළම මට්ටමේ ආරක්ෂාව සහ එවන් අවදානම් අවස්ථා වලට ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම, වැනි ක‍්‍රියාකාරකම් මගින් බැංකු ක්ෂේත‍්‍රය තුළ නව මිනුමක් සහතික කිරීම සහ එහි ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසදායක බැංකුවක් ලෙස එහි ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා NDB බැංකුව නවීන තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරනු ඇත.