NDB බැංකුව සිය ZEE පාරිභෝගිකයන් සඳහා නවතම Mission Impossible චිත්‍රපටය තිරගත කරයි

    August, 23, 2023

    මෙරට තරුණ පරපුර, එනම් ප්‍රධාන වශයෙන් Z පරපුරට අයත් තරුණ තරුණියන්, වත්මන් තාක්ෂණික නවෝත්පාදන යුගය තුළ අන් සියලු දේට වඩා පහසුව, වේගය සහ සම්බන්ධතාවය යන කරුණු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙයි.

    එබැවින්, බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට අදාළව ඉදිරි පෙළ සිටින, ඩිජිටල් තාක්ෂණයෙන් සක්‍රීය බැංකුවක් වන NDB බැංකුවේ "NDB ZEE" නමැති ඩිජිටල් ගිණුම් ක්‍රමය, මෙම තරුණ තරුණියන්ගේ විවිධ අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද ඩිජිටල් විශේෂාංග රැසකින් සමන්විත වේ.

    වර්තමාන තරුණ තරුණියන්ගේ ඩිජිටල් බැංකුකරණ භාවිතය තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින්, NDB බැංකුව සිය ZEE ගනුදෙනුකරුවන් සහ අනාගත තරුණ ගනුදෙනුකරුවන් ඉලක්ක කර ගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. එහි එක් අදියරක් වූයේ මිෂන් ඉම්පොසිබල් 2 (Mission Impossible 2) චිත්‍රපටයේ මංගල දර්ශනයක් සඳහා NDB ZEE ගිණුම් හිමියන්ට ඇරයුම් කළ සුවිශේෂී අවස්ථාව යි. මෙම වැඩසටහන, NDB ZEE පාරිභෝගිකයන් සඳහා NDB බැංකුව විශේෂයෙන් පිරිනමන "NDB Movie Reels" මාලාවේ නවතම වැඩසටහන බවට පත්විය.

    NDB ZEE ඉතුරුම් ගිණුම විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ තරුණ පරපුරට ඩිජිටල්කරණයේ නවමු මාවත් අත්හදා බැලීමට සහ ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන කරා ගමන් කිරීමට මග පෙන්වීම සඳහා ය. වයස අවුරුදු 18 ත් 28 ත් අතර ගනුදෙනුකරුවන්ට පිරිනමන NDB ZEE ගිණුම හරහා, ඩිජිටල් දැනුම සහිත පාරිභෝගිකයන්ට ගැළපෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ. බැංකු ශාඛාවකට නොපැමිණ, එනම් ඕනෑම ස්ථානයක සිට NDB හි video-Know-Your-Customer (vKYC) ක්‍රියාවලිය හරහා ගිණුමක් විවෘත කිරීමේ හැකියාව ආදී විකල්ප ඊට ඇතුළත් ය.

    මීට අමතරව, ZEE ගිණුම් හිමියන් විශිෂ්ඨ ජයග්‍රහණ ලබා ගත් අවස්ථාවේදී  ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට NDB බැංකුව මේ හරහා කටයුතු කරයි. උදාහරණයක් වශයෙන්, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමස්ත දිවයිනෙන් හෝ දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රථම ස්ථාන හිමි කරගන්නා ZEE ගිණුම් හිමියන්ට මුදල් ත්‍යාග හිමිවන අතර, අනෙකුත් පාරිභෝගිකයන්ට ද අවශ්‍ය විටක උසස් අධ්‍යාපන ණය සහ උපදේශන සේවා ලබා ගැනීමට හැකියාව සලසා ඇත. ගිණුම් හිමියන්ට සිය 21 වැනි උපන්දිනය නිමිත්තෙන් උපන් දින ත්‍යාගයක් NDB බැංකුව විසින් පිරිනමනු ලැබේ. තවද, ඔවුන් රැකියාවක නිරත වන විට ක්‍රෙඩිට් කාඩ්පතක් සහ වැටුප් අත්තිකාරම් සඳහා අයදුම් කිරීමේ හැකියාව උදා වනු ඇත. මීට අමතරව, විශේෂ කාඩ්පත් පිරිනැමීම්, ජංගම සේවා සපයන්නන් ලබා දෙන වට්ටම්, ශරීර යෝග්‍ය සඳහා වන ව්‍යායාම් ආයතනවල සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථා, ඊ-වාණිජ්‍ය දීමනා සහ තවත් බොහෝ දීමනා සඳහා ඔවුන් සුදුසුකම් ලබනු ඇත.

    NDB ZEE යනු, NDB බැංකුවේ ඩිජිටල් ගමන් මගෙහි උපායමාර්ගික වැඩපිළිවෙලක් වන අතර, එය රටේ තාරුණ්‍යය සඳහා ප්‍රශස්ත ඩිජිටල් බැංකු සේවා සපයන්නා බවට පත්වීමේ සක්‍රීය ක්‍රමවේදයක් අනුගමනය කරමින්, ඩිජිටල් බැංකු ක්‍ෂේත්‍රය ගවේෂණය කිරීමට, එතුළ ආයෝජනය කිරීමට සහ එය සංවර්ධනය කිරීමට දායක වේ.

    NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. NDB බැංකුව මෑතක දී ඒෂියා මනී (Asiamoney) විසින් වසරේ බැංකුව සහ 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලදී. තවද, ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.