July, 24, 2024
NDB බැංකුව රටේ ජනතාවට සුවසෙත සලසන ජාතික වටිනාකමකින් යුතු අරමුණක් වෙනුවෙන් ‘1990 සුවසැරිය පදනම’ සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. මෙමඟින් 1990 පදනමට අයත් ගිලන් රථයක් NDB බැංකුව විසින් ප‍්‍රතිසංස්කරණය කර නඩත්තු කිරීම සඳහා දායක වන ලදී. ප‍්‍රතිසංස්කරණය කර නැවත සේවයට එක් කළ මෙම ගිලන් රථය ජනතාවට අත්‍යවශ්‍ය වන හදිසි වෛද්‍ය ආධාර වලට දායක වීම සඳහා පසුගිය දා NDB බැංකුවේ නවම් මාවත ප‍්‍රධාන කාර්යාලයේ සිට හික්කඩුව ප‍්‍රදේශය වෙත මුදා හරිනු ලැබීය. මෙම ගිලන් රථය NDB බැංකුවේ සන්නාමය සහිතව හික්කඩුව ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය තීරණාත්මක හදිසි වෛද්‍ය සේවාවන් ලබාදීම වෙනුවෙන් වසරක කාලයක් පුරාවට ක‍්‍රියාත්මක වනු ඇති අතර, මෙම ජාතික මෙහෙවරට සම්බන්ධ වෙමින් NDB බැංකුව ප‍්‍රජාව වෙනුවෙන් සිදුකරන මුලපිරීම් වලට දායක වීමට ඔවුන්ගේ ඇති කැපවීම අවධාරනය කරයි.
NDB සන්නාමය සහිතව ගිලන් රථයක් නවීකරණය කිරීම හුදු සංකේතාත්මක ක‍්‍රියාවක් පමණක් නොව, එය ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ යහපැවැත්ම වෙනුවන් දායක වීම සඳහා NDB බැංකුවේ ඇති නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි. පුරා වසරක කාලයක් සඳහා මෙම ගිලන් රථයේ මෙහෙයුම් වියදම් සඳහා දායකත්වය දැක්වීමෙන්, විශේෂයෙන්ම ආර්ථික අභියෝගවලට මුහුණ දෙන ප‍්‍රදේශවල අත්‍යාවශ්‍ය හදිසි වෛද්‍ය සේවාවන් අවැසි සියලූදෙනාට එම අවස්ථාව හිමිකරදීම NDB බැංකුව අභිප‍්‍රායයි.
NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව ඔහුගේ අදහස් පල කරමින් ‘සමාජ වගකීම් දරණ ආයතනයක් ලෙස, මෙම ජාතික කාර්යයට සහාය දැක්වීම සඳහා ‘1990 සුවසැරිය පදනම’ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම NDB බැංකුව ගෞරවයක් කොට සලකනවා. හදිසි අනතුරු සහ වෙනත් හදිසි අවස්ථා වලදී රෝහල් ගතවීමට පෙර ලැබිය යුතු වෛද්‍ය සේවා සඳහා සෑම කෙනෙකුටම අවස්ථාව හිමිවිය යුතු බව අපි විශ්වාස කරන අතර, මෙම මුලපිරීම අපගේ සියළු පුරවැසියන්ගේ යහපැවැත්ම සඳහා දායක වීමට අපගේ ඇති කැපවීම පිළිබිඹු කරනවා’ යනුවෙන් ප‍්‍රකාශ කළේය.
සුවසැරිය පදනමේ ප‍්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා අදහස් දක්වමින්, NDB බැංකුව සමඟ අපගේ මෙම හවුල්කාරිත්වය හදිසි අවස්ථා වලදී රෝහල් ගතවීමට පෙර ලබාදෙන වෛද්‍ය සේවාවන් වඩාත් අවශ්‍ය අයට ප‍්‍රවේශ විය හැකි බව සහතික කිරීමේ වැදගත් පියවරක් මෙන්ම, කාලෝචිත සහ කාර්යක්ෂම සත්කාර සැපයීමේ අපගේ මෙහෙවර දිගටම කරගෙන යාම සඳහා NDB බැංකුවෙන් හිමිවන සහයෝගය අප අගය කළ යුතුයි යනුවෙන් ප‍්‍රකාශ කළේය.
1990 සුවසැරිය පදනම දිවයින පුරා නොමිලේල පූර්ව රෝහල් ප‍්‍රථමාධාර සහ ගිලන්රථ සේවා සැපයීමට මූලික වී ඇත. විශේෂයෙන්ම වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කාලීන සහ කාර්යක්ෂම හදිසි ප‍්‍රතිකාර ලබාදීමට සුවසැරිය පදනමේ අඛණ්ඩ උත්සාහයන් NDB බැංකුව සමඟ ඇති මෙම සහයෝගීතාවයෙන් ඉස්මතු කරයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
ඡායාරූපය - (වමේ සිට දකුණට) ශැරොන් ද සිල්වා , ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ආයතනික තිරසාරභාවය, NDB බැංකුව, සොහාන් ද සිල්වා, සුවසැරිය පදනමේ ප‍්‍රධාන විධායක නිලධාරී , කැළුම් එදිරිසිංහ, අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, NDB බැංකුව, ධාරණ කෝරළේ ආරච්චි, ප‍්‍රධාන කළමනාකරු අලෙවිකරණ, NDB බැංකුව.
Video Story