July, 22, 2024
ඉංජිනේරු සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන Nexus Engineering Solutions (Private) Limited ISO 9001: 2018, ISO 14001: 2015 සහ ISO 45001: 2018 සහතිකකරණය තහවුරු කරගනී.
ISO 9001: 2018, ISO 14001: 2015 සහ ISO 45001: 2018 අන්තර්ජාතික සහතිකකරණය තහවුරු කරගැනීමත් සමගම Nexus Engineering Solutions (Private) Limited ඔවුන්ගේ සේවාවල ගුණාත්මකභාවය, පාරිසරික තිරසාරභාවය සහ පාරිභෝගිකයන්ගේ සහ කාර්යමණ්ඩලයේ සෞඛ්යය සහ ආරක්ෂාව පිළිබඳ විශිෂ්ටත්වය සඳහා ඔවුන්ගේ කැපවීම අවධාරනය කරන වැදගත් සන්ධිස්ථානයකට එළඹ තිබේ.
එමෙන්ම ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය සහ තෘප්තිය පවත්වා ගනිමින් සේවාවන් පුළුල් කිරීමට සහ වර්ධනය වීමට ඔවුන් දරන උත්සාහයට මෙය වැදගත් සාක්ෂියකි.
මෙම ISO 9001: 2018, ISO 14001: 2015 සහ ISO 45001: 2018 සහතික ලබාගැනීමත් සමග ඔවුන්ගේ සේවා බොහෝ ජාත්යන්තර ප්රමිති අවශ්යතා සපුරාලන අතර ආරක්ෂාව සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වඩාත්ම පරිසර හිතකාමී, ගුණාත්මක, ලාභදායී, ස්ථාවර සේවාවක් ලබා දීම පිළිබඳව පාරිභෝගිකයාට සහතික වේ.
Video Story