ධනාත්මක චින්තනය- දෑත් නෑ. කටින් මේස පන්දු ගසා ලෝක ශූරයෙකු වූ ඉබ්‍රහිම් -Video

    June, 6, 2014

    ඉබ්‍රහිම් හම්ඩ්ටෝ නම් මේස පන්දු ශූරයාට අත් දෙකම නොමැත. මේස පන්දු පිත්ත කටේ රඳවා ගන්නා ඔහු ලෝකයේ ඕනෑම මේස පන්දු ශූරයෙකු සමග කරට කර තරග කිරීමට තරම් සමත්කම් දක්වයි.

    උත්සාහය සහ කැපවීම තිබේ නම් ඕනෑම දෙයක් කළ හැකියැයි යන ධනාත්මක චින්තනය ඉබ්‍රහිම් විසින් ලෝකයාට කියාදෙයි. ඒ ආකාරයෙන් බැලූ විට අපි කෙතරම් පසුගාමීද ?

    41 හැවිරිදි ඉබ්‍රහිම්ගේ අත් දෙකම අහිමි වී තිබෙන්නේ ඔහුට අවුරුදු 10 ක් වන කාලයේදී මුහුණු දී තිබෙන බිහිසුණු දුම්රිය අනතුරක් හේතුවෙනි.

    කවදා හෝ මේස පන්දු ශූරයෙකු වනවායැයි කුඩාකළ ඇතිවූ ආශාව අත්දෙකම අහිමි වුවද ඉබ්‍රහිම් අත් නොහැරි අතර ඔහු මේ වනවිට මේස පන්දු ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු ලෙස සැලකේ.

    මේස පන්දු පිත්ත කටින් අල්ලා ගැනීමට ඔහු වසර ගණනාවක් පුහුණු පුරුදු වී තිබේ. පසුව, ඉතාමත් සෙමින් පන්දුවට පහරදීම වසර ගණනාවක් ප්‍රගුණ කර ඇත. අවසානයේදී දෑත් හොඳින් තිබෙන මේස පන්දු ශූරයෙකු වේගයෙන් එල්ල කරන ඕනෑම පහරක් සඳහා ඊටත් වඩා වේගයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ කුසලතාවය ඔහු දියුණු කරගෙන තිබේ.

    තමා ක්‍රීඩා කරන ආකාරය දකින සෑම දෙනෙකුම තමාව අගය කරන බවත් එය තවත් ඉදිරියට යාමට දිරියක් බවත් ඔහු පවසා ඇත.

    ව්‍යාපාර ආරම්භ කිරීමට, නව නිෂ්පාදන කිරීමට, ජීවිතය ජය ගැනීමට අපි කොයි කාටත් බලාපොරොත්තු රැසක් තිබේ. මෙවන් උත්සාහවන්තයින් දකින විට කැපවීමක් තිබේ නම් එම අමුණු ජයගත හැකිබව අමුතුවෙන් කියාදිය යුතු නැත.

    දෑත් නොමැති ඉබ්‍රහිම් දෑත් තිබෙන ක්‍රීඩකයෙකු සමග කරට කර ක්‍රීඩා කරන හැටි මෙන්න.

    010204

    සේයාරූ අනුග්‍රහය - CNN