O/L අසමත් ලක්ෂයක් රාජ්‍ය සේවයට

    December, 7, 2021

    සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, එහෙත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ යටතේ 45,000 ක පිරිසක් මේ වන විට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අද (07) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

    2015 - 2019 කාලපරිච්ඡේදය තුළ දී සමස්ත රාජ්‍ය සේවයට ලබා දීලා තියෙන රැකියා අවස්ථාවන් 22,145 යි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වූවාට පසු සංවර්ධන නිලධාරී සේවයට උපාධිධාරීන් පත්වීම් පමණක් මේ වෙන කොට 60,000 ක් ලබාදීලා තියෙනවා.

    මේ හැටදාහ ලබා දීලා, පුහුණු කාලය අවසන් කරලා ඔවුන් ස්ථිර කරන්න අවශ්‍ය වැඩකටයුතුත් කරලා තියෙනවා.

    ඊට අමතරව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත, එසේ නැත්නම් සාමාන්‍ය පෙළ කඩඉම පසුකරන්න බැරි සහෝදර සහෝදරියන් ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමේ වැඩසටහන මේ වෙන කොට ක්‍රියාත්මක වෙලා , ඒ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා මේ වෙන කොට 45,000 ක් දෙනා බඳවා ගෙන තියෙනවා.