ODEL තවත් පිම්මක. සොෆ්ට්ලොජික් සන්නාම ODEL යටතට

    March, 25, 2015

    සොෆ්ට්ලොජික් පී.එල්.සී. සමාගම විසින් පාලනය කරන ඔඩෙල් පී.එල්.සී. සමාගම සඳහන් කරන්නේ සමූහයේ සන්නාමකරණය කළ සිල්ලර වෙළඳ අංශය රුපියල් මිලියන 599.9 කට සමාගම විසින් මිලදීගත් බවත් සිය සිල්ලර වත්කම් ඒකාබද්ධ කිරීමේ පියවරක් ලෙස මෙය සිදුකළ බවයි.

    මේ අනුව, ODEL Plc සමාගම විසින් Softlogic Brand (Pvt) Ltd සමාගමේ සියයට 99.99 ක කොටස් මිලදීගෙන තිබෙන අතර මෙම මිලදීගැනීම කර තිබෙන්නේ Softlogic Retail (Pvt) Ltd සහ Dai-Nishi Securities (Pvt) Ltd යන සමාගම් වලිනි.

    ඔඩෙල් සමාගම සඳහන් කර තිබෙන්නේ Softlogic Brands සමාගම සතුව කොළඹ නගරයේ වර්ග අඩි 41,000 ක වෙළඳ ඉඩ පහසුකම් සහ සන්නාම 20 ක කළඹක් සතු බවයි.