ODEL මුල් පුටු වලට මැලේසියානු සමාගමේ නියෝජිතයින්

    July, 9, 2014

    තමන් සතු කොටස් අයිතිය නියෝජනය කරමින් මැලේසියාවේ Parkson Retail Asia Limited සමාගම විසින් මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමට නව අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු පත්කර තිබේ.

    මේ අනුව, Y.Bhg.Datuk Lee Kok Leong මහතා, Tiang Chee Sung මහතා සහ Wong Siew Chuan මහත්මිය ජූලි 04 වනදා සිට ඔඩෙල් පී.එල්.සී. සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇත.

    ඔඩෙල් පී.එල්.සී. කොටස් වලින් සියයට 44 ක් Parkson Retail Asia Limited සමාගමට අයත් වන අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා මෙම සමාගම මිලදී ගන්නා ලදී.

    ඔඩෙල් සමාරම්භක සහ ප්‍රධාන විධායක නිළධාරිනී, ඔටාරා ගුණවර්ධන මහත්මිය සඳහන් කර තිබුණේ කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගතවීම නිසා මෙම ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල්කරුවා සොයා ගැනීමට සමාගමට හැකියාව ලැබුණු බවයි.

    Parkson Retail Asia Limited සමාගමට මැලේසියාවේ, වියට්නාමයේ සහ ඉන්දුනීසියාවේ සුපිරි සාප්පු සංකීර්ණ තිබේ.