Ogilvy PR ශී‍්‍ර ලංකා ‘’Uncover the Truth’’ මහජන සම්බන්ධතා වැඩසටහන ජාත්‍යන්තරව ඇගයීමට ලක්වෙයි

    November, 15, 2017

    මෑතකදී ඇමරිකාවේ පැවති SABRE Global Awards 2017 ගෝලීය මහජන සම්බන්ධතා සම්මාන උළෙලේ දී Ogilvy PR ශී‍්‍ර ලංකා මෙම වැඩසටහන වෙනුවෙන් රන් සම්මානය දිනාගැනීමත් සමඟ මෙම නම් කිරීම සිදුකරන ලදී. ලොවපුරා පිහිටි ආයතන විසින් ඉදිරිපත් කරනලද 5,000 කට අධික මහජන සම්බන්ධතා වැඩසටහන්් අතරින් විශිෂ්ටතම වැඩසටහන් 40 ක් හඳුනාගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. මෙයට මාසයකට පමණ පෙර මෙම ප‍්‍රචාරණ වැඩසටහන වෙනුවෙන් Ogilvy PR ශී‍්‍ර SABRE Asia Pacific සම්මාන උළෙලේ දී ප‍්‍රථම ස්ථානය දිනාගනිමින් ‘Best in Show’ ප්ලැටිනම් සම්මානය හිමිකරගත් අතර ශී‍්‍ර ලංකාවේ මහජන සම්බන්ධතා ආයතනයක් එම ගෞරවය ලබාගත් ප‍්‍රථම අවස්ථාව එය විය. එයට අමතරව එම සම්මාන උළෙලේදීම ”සුභසාධනය සහ ලාභ නොලබන” (Charities and Not-for-Profit) අංශයේ රන් සම්මානය ද දිනාගන්නා ලදී.

    මෙම ගෝලීය ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Ogilvy PR ශී‍්‍ර ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මනිල්කා ෆිලිප්ස්් මෙනවිය මෙසේ ප‍්‍රකාශ කළේය. ” රටෙහි සන්නිවේදන රටාව සහ මහජන අපේක්ෂාවන් වේගවත් වෙනස්කම් වලට ලක්ව ඇති බැවින්, අද වනවිට දැනුවත්භාවය සහ විශ්වසනීයත්වය ඇති කිරීමේ දී ශී‍්‍ර ලංකාවේ සන්නාමයන්, සමාගම් සහ සිවිල් සංවිධාන මහජන සම්බන්ධතා කෙරෙහි විශාල අවධානයක් යොමුකරනවා. ගෝලීය නිර්මාණශීලි ප‍්‍රමිතීන් සපුරාලීමට ශී‍්‍ර ලංකාව සතු හැකියාව පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස මෙම මෙම ජයග‍්‍රහණය හැඳින්විය හැකියි. අප රටට ලැබූනු මෙම ගෞරවය සහ පිළිගැනීම පිළිබඳව අපි අතිශයින් සතුටට පත්වෙනවා.

    SABRE සම්මාන උළෙල යනු උතුරු ඇමරිකාව, ලතින් ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ අපි‍්‍රකාව, දකුණු ආසියා හා ආසියා පැසිෆික් කලාපය තුළ විශිෂ්ටත්වයට පත් වූ සම්මාන උළෙලකි. SABRE සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ගෝලීය මහජන සම්බන්ධතා කර්මාන්තයේ ප‍්‍රමුඛ ආයතනයක් වන The Holmes Report විසිනි. මහජන සම්බන්ධතා වෘත්තිකයින්ගේ දැනුමට සහ නිර්මාණශීලිත්වයට පිළිගැනීමක් ලබාදීම මගින් මහජන සම්බන්ධතාවල වටිනාකම තහවුරු කිරීමට හා වර්ධනය කිරීමට එම ආයතනය කැපවී සිටියි.

    ”ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා” ආයතනය වෙනුවෙන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් මෙම ප‍්‍රචාරණ වැඩසටහන 2017 පෙබරවාරි මස 4 වැනිදා සිට කි‍්‍රයාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික ජනතාව දැනුවත් කිරීම සඳහා සකස් වූවකි.

    Ogilvy Public Relations (Ogilvy PR)යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම හා සම්මානනීය ආයතනයකි. Ogilvy Public Relations ගෝලීය ජාලයේ එක් ආයතනයක් වන Ogilvy PR සමාගම 1999 සිට ශී‍්‍ර ලංකාවේ Ogilvy සමූහ ව්‍යාපාරය යටතේ කි‍්‍රයාත්මක වේ. බහු සන්නිවේදන උපදේශක සමාගමක් වන එය විවිධ කර්මාන්ත සහ සමාගම් සඳහා අවශ්‍ය මහජන සම්බන්ධතා විසඳුම් ලබාදෙයි.

    ඡායාරූපය- - Ogilvy Public Relations ශී‍්‍ර ලංකා වෙනුවෙන් Ogilvy Media Influence ජේෂ්ඨ උප සභාපති ටාරා මුලින්ස්, The Holmes Report ජේෂ්ඨ කර්තෘ ආර්ති ෂාහ් වෙතින් සම්මානය ලබාගත් අවස්ථාව


    (අසුන්ගෙන)- Ogilvy Group Sri Lanka සභාපති අර්වින් වීරක්කොඩි (මැද) සමඟ Ogilvy Public Relations ශී‍්‍ර ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී මනිල්කා ෆිලිප්ස්(වමේ), සහය සාමාන්‍යාධිකාරී අල්තාෆ් ජලාල්ඞීන්(දකුණේ) සිටගෙන-(වමේ සිට) - ගයාන් සතරසිංහ, ජනක ඩිලාන්, ලසන්ත ඬේවිඞ්