March, 20, 2023
1988 අංක 30 දරණ බැංකු පනතේ 83ඇ වගන්තිය උල්ලංඝනය කරමින්,
1. Fast 3Cycle International (Pvt) Ltd (F3C)
2. Sport Chain App, Sports Chain ZS Society Sri Lanka සහ
3. OnmaxDT
යන ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, තමන් මෙම තීරණය ගෙන ඇත්තේ තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බවට ලැබී ඇති මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව බවයි.
ඒ අනුව බැංකු පනතේ 83ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මහජනතාව වෙත දැනුම් දී සිටී.

Video Story