OPPO වඩා වේගවත් හා කාර්යක්ෂම A71 හඳුන්වා දීමට සැරසේ

    September, 13, 2017

    තවත් නව ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන OPPO සැලසුම් කර ඇත. Octa-core CPU සමග 3G RAM සහ 3000mAH බැටරියක් සහිත මෙය ඉදිරියේදී නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත වේ.

    මෙහි ඇතුළත් ප්‍රොසෙසරය ‘Octa-core‘ වර්ගයේ ප්‍රොසෙසරයක් නිසා එහි ක‍්‍රියාකාරීත්වය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වී ඇත. එමෙන්ම OPPO හි දියුණු ඡුායාරූප තාක්ෂණය සමගින් මෙහි ඉදිරිපස කැමරාවට Beautify 4.0  තාක්ෂණය යොදා ඇති අතර පසුපස කැමරාවද සුපැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිදි සකස් කර තිබේ. මෙම දුරකථන ඉතාමත් අලංකාර, සිහින්, ලෝහමය Uni-body ආකාරයට නිර්මාණය කර ඇත. එළඹෙන සැප්තැම්බර් මස 19 වන දින මෙය ශ‍්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමට නියමිත වන අතර, මෙම දුරකථන දිවයින පුරා විසිරුණු අලෙවිසැල් වලින් මිලදීගත හැකි වේ.

    OPPO A71 පිළිබඳ අදහස් දක්වමින් OPPO සමාගමේ මෙරට ප‍්‍රධාන විධායක නිලධාරී ටොම් සූ මහතා සඳහන් කළේ, අසමසම වේගයකින් යුතු OPPO A71 ජංගම දුරකථනය ආකර්ෂණීය මිලකට ලබා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බවය. ‘‘පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතයේ සොඳුරු මතකයන් ඡායාරූපගත කිරීමටත්, ඒවා සිය ආදරණීයයන් අතර බෙදාහදා ගැනීමටත් OPPO සමාගම මෙතෙක් ඔවුන් වෙනුවෙන් දායාද කළ සියලූ පහසුකම් ද මෙම මාදිලිය තුළින් අත්විඳීමට ඔවුන්ට හැකි වීම ද විශේෂත්වයක්’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    විවිධ කාර්යයන් කිහිපයක එකවර යෙදීම මෙන්ම Apps අතර එකින් එකට මාරුවීමද වඩාත් වේගවත් ලෙස සිදුකිරීමට හැකිවීම මෙහි තවත් විශේෂත්වයකි. මේ අනුව ඡායාරූප ගැනීම, වීඩියෝ නැරඹීම සහ ක‍්‍රීඩාවල යෙදීම ආදිය වඩාත් පහසුවෙන් සිදුකළ හැක. තවද මෙහි ඇති, ඉක්මන් ආරෝපණ පද්ධතිය සහිත 3000mAh බැටරිය නිසා ගැටලූවකින් තොරව දවස පුරා රිසි සේ දුරකථනය භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

    OPPO යනු කවදත් Selfie ඡායාරූප සහ Groupfie (Group Selfie) ඡායාරූප ගැනීම සඳහා හොඳම කැමරා දුරකථන ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන සන්නාමයකි. මෙම නව දුරකථන මාදිලිය එම පිළිගැනීම නව මානයකට රැගෙන යමින් පාරිභෝගිකයන්ට වඩාත් සුපැහැදිලි හා උසස්ම තත්ත්වයේ ඡායාරූප ගැනීමට උපකාරී වනු නිසැක ය.