ජේම්ස් පැකර් ගලවා ගැනීමට බැරි තරමේ දරුණු ඇබ්බැහිවීමක

    October, 6, 2014

    කැසිනෝ රජෙකු ලෙස ලොව ප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් ඩග්ලස් පැකර් දුම් පානය සඳහා දැඩි ලෙස ඇබ්බැහිවී සිටින බවත් වෛද්‍යවරුන් ඔහුට අවවාද කර තිබුණත් පුරුද්ද අතහැර ගැනීමට නොහැකි මට්ටමටම ඔහු වැටී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

    මෙම වාර්තා පවසන්නේ සාමාන්‍යයෙන් කිසිම පුද්ගලයෙකු ව්‍යායාම කරමින් දුම්පානය නොකළත් ජේම්ස් පැකර් මේ වනවිට ව්‍යායාම කරන අතර තුරත් දුම්පානය කරන බවයි.

    ජේම්ස් පැකර් සිගරැට්ටුවක් උරමින් ව්‍යායාම සඳහා ඇවිද යන සේයාරූ පෙළක් එළිදක්වමින් ඔහුගේ මෙම ඇබ්බැහිවීම පිළිබඳව විදෙස් මාධ්‍ය ලොවට අනාවරණය කර තිබේ.

    එම සේයාරූ පෙළෙන් දැක්වෙන්නේ කළු පැහැති ඇඳුමින් සැරසුණු පැකර් සිගරැට්ටුවක් දල්වාගෙන ව්‍යායාම සඳහා ඇවිද යන ආකාරයයි.

    පමණට වඩා ශරීර බරින් යුතු ඔහුට බර අඩුකර ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇතැයි සඳහන්ය.

    ජේම්ස් පැකර් නැමති මෙම කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේද සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

    අප සමග අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවසුවේ පැකර් මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා රජය සමග ඉදිරියේදී ගිවිසුමකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. jjp