Lead Story
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික Amphibious (උභයජල) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය ඊයේ (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව Ocean Voyager International ආයතනය විසින් නිපදවූ…
Featured
ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Treinetic පෞද්ගලික සමාගම සිය 12 වැනි සංවත්සරයට සමගාමීව The Legends Lounge පසුගිය 9 වැනිදා මාලඹේදී විවෘත කළේය. මෙම විවෘත කිරීම Treinetic සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඔබ්බට සිය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය. ආහාර, කෝපි, සුවතාව, වැඩ කටයුතු සහ විවේකය එකම ස්ථානයක ඒකාබද්ධ කරමින් The…
ISC Education අධ්‍යාපන ආයතනය යනු හුදෙක් විශ්වවිද්‍යාලයකට ප්‍රවේශය ලබා ගැනීම සඳහා පමණක් සීමාවූ වූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් නොවේ. එය, විදේශ අධ්‍යාපනය පිළිබඳව කෙරෙන පළමු උපදේශනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය, විදේශගත වීම, විදේශීය අධ්‍යයන ජීවිතය සහ ඉන් ඔබ්බට ගතවන වසර කිහිපය දක්වා ශිෂ්‍යයාගේ සමස්ත අධ්‍යාපනික ගමන් මග සඳහා වගකීමෙන් යුතුව මඟපෙන්වමින් සහාය ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන උසස්…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් සංවිධානය කරන ලද විශේෂිත නැරඹුම් මැදිරියකදී තෝරාගත් ප්‍රමුඛ පෙළේ රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට තම පවුලේ සාමාජිකයින් ද සමඟින් එක් සන්ධ්‍යාවක් පුරාවට ම මහනුවර ඇසළ පෙරහැරේ අසිරිමත් දසුන් ඉතා සමීපව නැරඹීමේ අවස්ථාව හිමි විය. රජ වීදියේ පිහිටි සෙලින්කෝ ලයිෆ් මහනුවර ශාඛාවෙහි දී වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව, මෙවර…
දකුණු ආසියානු මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නවමු පිටුවක් පෙරළමින්, මෙවර කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week – CFW) සිය Couture + Trousseau දැක්ම එළඹෙන සැප්තැම්බර් 17, 18 සහ 19 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘Living Sculpture’ (ජීවමාන මූර්ති) යන සුවිශේෂී තේමාව මුල් කරගනිමින් පැවැත්වෙන මෙවර විලාසිතා දැක්ම, ප්‍රකට මූර්ති ශිල්පී ප්‍රගීත් මනෝහංසයන්ගේ අලංකාර මූර්ති නිර්මාණයන්ගෙන්…
”ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල (SLCHPA) – 2026″ අද නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සේවක සුබසාධනය, සේවා ස්ථානීය සෞඛ්‍යය සහ ඵලදායිතාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ශ්‍රී ලාංකික ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ වේ. සේවකයින්ගේ යහපැවැත්ම සහ ආයතනික කාර්යසාධනය අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ දිරිගැන්වීම මෙම…
සූර්ය බලශක්තිය, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු ජල කළමනාකරණය ඔස්සේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගොඩනැඟිය හැකි ආකාරය Deep Tec Engineering (Pvt) Ltd නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලින හෙට්ටිආරච්චි පැහැදිලි කරයි. වසරේ වැඩි කාලයක් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන ශ්‍රී ලංකාවට වර්ෂාපතන රටාවන්ගේ වෙනස්වීම්, වියළි කාලගුණ තත්ත්වයන් සහ ඇතැම් අවස්ථාවල ඇතිවන අධික වර්ෂාපතනය අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් දේශගුණික විපර්යාසයන් තීව්‍ර…
හේලීස් සමූහ ව්‍යාපාරයේ ප්‍රවාහන හා කාර්යෝපාය අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමඟ එක්ව මෙරට යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ‘’100 for 100’’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. අද වන විට යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර මෙම වැඩසටහන ආරම්භ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ නවතම වාර්තාවට අනුව මෙරට වටිනාම සන්නාම අතරට යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, HNB සන්නාමයේ වත්මන් වටිනාකම රුපියල් බිලියන 25.4ක් ලෙස සටහන් වේ. HNB ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට ඇතුළත් වී ඇති අතර, එම…
ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නිල ඇඟළුම් අනුග්‍රාහකයා වන MAS සමූහය 20 වන වරටත් පැවැත්වෙන 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ඇඟළුම් කට්ටල පසුගියදා නිල වශයෙන් භාරදීම සිදු විය. මෙවර ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වා ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිතය….
Top News
හොංකොංහි පැවැත්වෙන Belt and Road Summit (එක් තීරයක් – එක් මාවතක් සමුළුව) අතරතුරදී, ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තායිලන්තයේ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (Vice Minister for Commerce) Dr. Kirida Bhaopichitr මහත්මිය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී තායිලන්ත – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී…
ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් හමුවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම සහ ද්‍රවශීලතාව තහවුරු කිරීම මහ බැංකුවල මූලික වගකීම වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (10) කොළඹ දී පැවැති 2026 සංචිත කළමනාකරණ සමුළුවේ (Reserve Management Conference 2026) සමාරම්භක දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය….
තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) 27 වන වාර්ෂික මහා සභා රැස්වීම, “අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්රමුඛයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී 2026/2027 වසර සඳහා සංගමයේ සභාපතිවරයා ලෙස හුසේෆා අක්බර්අලි මහතා නැවත පත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, “වත්මන් ගෝලීය ගැටුම් සහ…
ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරනු ලබන 8 වන කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ සැපයුම් සම්මන්ත්‍රණය (CIMC) 2026 සැප්තැම්බර් 9 වන දින කොළඹ දී නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක සැසිය අමතමින් ප්‍රධාන අමුත්තෙකු ලෙස සහභාගී වූ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේ, ජාත්‍යන්තර සැපයුම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහසභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහසභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රමුඛතා…
දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් විද්‍යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී (Cambridge International Symposium on Economic Crime) ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (Economic Crime &…
ඇපල් සමාගම විසින් ඊයේ (09) දිනයේ දී iPhone 18 Pro සහ iPhone 18 Pro Max ස්මාර්ට්ෆෝන් මාදිලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නව Pro මාදිලි සඳහා variable aperture සහිත මෙතෙක් iPhone එකක ඇතුළත් වූ වඩාත්ම දියුණු මෙගාපික්සල් 48 Fusion ප්‍රධාන කැමරාව ඇතුළත් කර ඇත. තවද, 2-nanometer තාක්ෂණයෙන් නිපදවන ලද A20 Pro චිපය, නව…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් නාවික කොමිෂන් සභාවේ (FMC) සභාපතිනි ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ කොමසාරිස් රොබට් ජේ. හාර්වි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වරාය මෙහෙයුම්, සේවාවන්, ධාරිතා සංවර්ධනය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව…
Analysis
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
Biz 24x7
Video story