Lead Story
011 778 8288 අංකය ඇමතීමෙන්, සංචාරකයින්ට බහුභාෂා AI සංචාරක සහය ලබාගත හැක ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය, රුහුණු සංචාරක කාර්යාංශය හා එක්ව, දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව සැලසීමේ අරමුණෙන්, Dialog AI මඟින් බලගන්වන ලද බහුභාෂා සංචාරක voice සේවාව, Travel Sri Lanka සේවාව නිල වශයෙන් එළිදක්වන ලදී….
Featured
ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sophos සමාගම, සිය Sophos Managed Risk සේවා පද්ධතියට ඇතුළත් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික ධාරිතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙමඟින් ආයතනයක පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට ඉහළ සහායක් හිමිවේ. මෙම සුවිශේෂී පද්ධතිය ගොඩනඟා ඇත්තේ…
Delmege & Forsyth Co. Ltd. ප්‍රමුඛතම ව්‍යාපාරික අංශයක් වන “Delmege Building Products”, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම ‘Delmege’ වායු සමීකරණ යන්ත්‍ර මෙන්ම උසස් ප්‍රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විසඳුම් පිරිනමමින්,…
ශාකසාර පුද්ගලික සනීපාරක්ෂන නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ, ස්වදේශී කොහොඹ වෙතින් සිය වසර 85 අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන පෙළට ‘ලිලී සහ ගොටුකොළ’, ‘ලෙමන්ග්‍රාස්’, ‘කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නව ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ත්‍රිත්වයක් හඳුන්වා දෙයි. පරම්පරා ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය හා කොහොඹ සතු ස්වාභාවික ශාකසාර …
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ දිදුලන ක්‍රීඩා තරු බවට පත්කිරීමට ඉවහල් වන පසුබිම සැකසීමේ තම දීර්ඝ කාලීන කැපවීම නැවත වරක් සනාථ කරමින්, ජපානයේ Achi Nagoya නගරයේ පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි ජයග්‍රහණ ඉලක්කය කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…
පසුගියදා නිමාව දුටු 2026 Sri Lanka AI Week උලෙළේදී, එදිනෙදා මානුෂීය අත්දැකීම්, පාරිභෝගික සේවා, ව්‍යාපාරික කටයුතු, මහා පරිමාණ කර්මාන්ත, රාජ්‍ය මෙහෙයුම්, ජාතික යටිතල පහසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි අතිනවීන AI යෙදවුම් මාලාවක් නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීමට Huawei කටයුතු කරන ලදී. මෙරට නිල AI තාක්ෂණික හවුල්කරුවා වන Huawei සමාගම, 2025 වසරේ පැවැත්වුණු සමාරම්භක…
BYD හි ප්‍රථම කුඩා පරිමාණ විදුලි මෝටර් රථ මාදිලිය වන RACCO පසුගියදා ජපානයේදී නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ජපානයේ ඉතා තරඟකාරී මෝටර් රථ වෙළෙඳපොලට පිවිසීම අරමුණු කර ගනිමින් මෙම මාදිලිය ජපන් වෙළෙඳපොලට හඳුන්වා දීමට BYD කටයුතු කර තිබිණ. ජපානය පුරා විශේෂ උත්සව මාලාවක් සමඟින් එරට අතිශය ජනප්‍රිය kei car මාදිලියේ RACCO විදුලි මෝටර් රථ…
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිසිල් හා මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya විවෘත කිරීමත් සමඟ EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය තව දුරටත් පුළුල් කර තිබේ. EKHO සන්නාමය යටතේ ක්‍රියාත්මක වන හය වැනි හෝටලය වන මෙය ස්වාභාවික සුන්දරත්වය හා වික්‍රමාන්විත අත්දැකීම් සඳහා ජනප්‍රිය වෙමින් පවතින බෙලිහුල්ඔය ප්‍රදේශයට නව ආගන්තුක සත්කාර අත්දැකීමක් එක්…
කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණික පරිවර්තනය ලෝක ආර්ථිකයේ සහ වෘත්තීය ලෝකයේ නව අවකාශ නිර්මාණය කරමින් සිටින යුගයක, අනාගත පරපුරේ දැනුම, නිර්මාණශීලීත්වය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනයට සිදුකරන තාක්ෂණික ආයෝජන, තීරණාත්මක වැදගත්කමක් ගනී. එම දැක්ම පෙරදැරි කරගනිමින් Techzone Kandy සහ Lenovo එක්ව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට නවීන AI තාක්ෂණයෙන් සන්නද්ධ පරිගණක විද්‍යාගාරයක් හඳුන්වා දී…
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන…
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි. 2026…
Top News
NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්රකාශනවල මතු වූ අසාමාන්‍යතා,…
පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්‍රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි. එක් ණයකරයක නාමික වටිනාකම රුපියල් 100ක් වන අතර එම ණයකර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය. වසර තුනක කල්…
මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ. එක්සත්…
Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළඳාම, ආයෝජන සේවා හෝ වෙනත් නියාමනය කරන ලද ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් බලපත්‍ර ලබා දී, ලියාපදිංචි කර හෝ අනුමත කර නොමැති බව නිල අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සුරැකුම්පත් කොමිසම අවධාරණය කර සිටී. එබැවින්, Quantum…
මෑත කාලය තුළ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු තනි දවසක් තුළ විශාලතම මිල දර්ශකවල පහළ යාම අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 283.21ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 1.38%ක කඩාවැටීමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,234.34…
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්‍රී ලංකාව තුළ සිය සබඳතා තවදුරටත් පුළුල් කරමින් දින 3ක විශේෂ මිල දීමනා වැඩසටහනක් හඳුන්වා දෙයි වියට්ජෙට් සමාගම වෙතින් 2026 ඔක්තෝබර් 08 සිට 10 දක්වා දින 03ක් පුරා ක්‍රියාත්මක වන විශේෂ දීමනා වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම දීමනාව හරහා කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් ගමන් සේවාව සඳහා වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා…
මෙරට සමස්ත කුටුම්භ පාරිභෝජනය 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 9ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% සිට 70% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව සිදුකළ සමීක්ෂණයකට අනුව, මෙම සමස්ත වර්ධනය පිටුපස අසමාන ආදායම් ව්‍යාප්තියක් පවතින බවට…
Analysis
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
Biz 24x7
Video story