Online Payments ගැටළුව සඳහා විසඳුමක් ලෙසින් ශ්‍රී ලාංකීය සමාගමක් වන PayHere (Private) Limited විසින් හඳුන්වා දෙන ලද PayHere සේවාව හරහා කළ ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර 2,000කට ආසන්න ප්‍රමාණයක් PayHere සේවාව භාවිත කරනු ලබන බව වාර්තා වේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් PayHere නිර්මාතෘ ධනික පෙරේරා මහතා අද දෙරණ Biz වෙත මෙසේ අදහස් දක්වා සිටියේය.
“අපගේ PayHere සේවාව හරහා ශ්‍රී ලාංකීය ව්‍යාපාර වෙනුවෙන් process කරන ලද Online Payments සංඛ්‍යාව රුපියල් බිලියනය පසු කර ඇත.“
“වසර ගණනාවක් පුරා රට තුළ තිබූ Online Payments ගැටළුව, විදෙස් සමාගමකින් විසඳන තුරු සැම බලා සිටි යුගයක, එම ගැටළුව ගැන වෙනස් අයුරකින් සිතමින් අපේම දේශීය නිෂ්පාදනයක් හරහා එයට පිළියම් යෙදිය හැකි බව අප තරයේ විශ්වාස කළෙමු. අද වන විට එම දේශීය නිෂ්පාදනය ලංකාවේ ව්‍යාපාර 2000 කට ආසන්න ප්‍රමාණයක් Online Payments වලින් සවිබලගන්වමින්, ඔවුන්ට මේසා විසල් අගයක් රටේ ආර්ථිකයට එක් කිරීමට සහය වී ඇත.“
“ලංකාවේ ප්‍රථම වරට බැංකු නොවන ආයතනයකින් සැපයූ එම දේශීය Payments විසඳුම කෙරෙහි අපමණ විශ්වාසයක් තැබූ අපගේ සියලු පාරිභෝගික ආයතන වලට සහ එය යථාර්තයක් කර ගැනීමට අප හා එක්වූ අපගේ සියලු පාර්ශ්වකාර බැංකු සහ මූල්‍ය ආයතන වලට මේ මොහොතේ අපගේ ස්තූතිය හිමිවේ.“
“සියලු ශ්‍රී ලාංකීය ව්‍යාපාරයන් Online Payments පහසුකම් වලින් සවිබලගැන්වීමට අප සතු දැක්ම ඔස්සේ, ඉදිරියටත් අප රට යහපත්ව වෙනස් කරන නව්‍ය සේවාවන් සැපයීමට කැප වී සිටිමු.“