PayMaster ජංගම දුරකථන යෙදවුම රන් සම්මානයෙන් පිදුම් ලබයි

    April, 10, 2023

    පසුගිය දින පැවැත්වුණු LankaPay Technnovation 2023 සම්මාන උළෙලෙහිදී, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකථන යෙදවුම (APP) සමත්විය.  මේ අතරින් මුල්‍ය තාක්ෂණ (Fintech) අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකථන යෙදවුම - රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂී අවස්ථාවකි! තවද, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම - කුසලතා සම්මානයද PayMaster ඇප් එක විසින් දිනාගන්නා ලදී.

    වසර 4 ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනාගත් PayMaster ජංගම දුරකථන යෙදවුමබ මුල්‍ය තාක්ෂණ යෙදවුමක් ලෙසින් ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ගෙවීම් අවශ්‍යතා සපුරාලීම සඳහා විශාල පරාසයක විහිදුනු සේවාවන් රැසක් සපයයි.

    ශ්‍රී ලංකා මහා බැංකුවේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික ජංගම ගෙවුම් සැකසුම් ජාලය වන JustPay හරහා සිය සේවාවන් බල ගන්වන PayMaster යෙදවුම ඔබගේ ඔන්ලයින් ගෙවීම් අවශ්‍යතා ඉටුකරදීම සඳහා ඉතා පහසු, ආරක්‍ෂිත අතුරු මුහුණතක් සපයයි. මේ හරහා ඔබගේ සියලුම දේශීය මුදල් හුවමාරු අවශ්‍යතා, රීලෝඩ්, බිල්පත් වර්ග 18 ක් ගෙවීම්, ඩොක්ටර් චැනලින්, බෙහෙත් සෙවීම් (Medi Search ) විදේශයන්හි සිට ලංකාවට මුදල් එවන්න, ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවන්න, විදේශයන්හි සිට ලංකාවට උදව් උපකාර සඳහා මුදල් පරිත්‍යාග කරන්න, ඇතුළු තවත් සේවාවන් රැසක් ඇප් එක මගින් ලබාදෙයි.

    විවිධ බැංකු වල විවිධ බැංකු ගිණුම් කිහිපයක් වුවත් එකම ඇප් එකකට සම්බන්ද කරගෙන මුදල් හුවමාරු (Money Transfer ) කිරීමේ පහසුව පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අරමුණ පෙරදැරිව හඳුන්වාදෙනු ලැබූ PayMaster Money Transfer සේවාවද මේ වනවිටත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇත. මෙහිදී බැංකුවෙන් බැංකුවට වෙන වෙනම ඇප් වෙත මාරුවීමේ අපහසුතාවය මගහරවා, වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා දීම PayMaster ලබා ඇති මෙම සාර්ථකත්වයට හේතු වී ඇත.

    පවතින අසීරු තත්වයන් හමුවේ මුදල් හදිසියකදී බිල්පත් ගෙවීම සඳහා in-App ක්‍රෙඩිට් සේවාව, PayMaster ඇප් එක මගින් පාරිභෝගිකයන්ට ලබාදෙන තවත් සුවිශේෂී සේවාවකි. මේ අනුව බිල්පත් ගෙවීම සඳහා ක්‍රෙඩිට් ලබාදීම සහ පහසු ගෙවීමේ ක්‍රම රැසක් පාරිභෝගිකයන් වෙත ලැබේ. එමෙන්ම PayMaster ඇප් එක මගින් පසුගිය වසරේදී හඳුන්වාදෙන ලද බෙහෙත් සෙවීම් (Medi Search) සේවාවද මේ වන විට ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.  මෙම සේවාව මගින්, නිවසේ සිටම ඔබ සොයනා බෙහෙත් වර්ග ඇති, ඔබට ලඟම ෆාමසිය පහසුවෙන් සොයාගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලැබේ. මෙය PayMaster ඇප් එක මගින් සම්පුර්ණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවකි.

    PayMaster විසින් ලාංකිකයන් වෙත ලබාදෙන සේවාවන් තව තවත් පුළුල් කරමින් මෙම වසරේ සිට හඳුන්වාදුන්, විදේශයන් හි සිට ලංකාවට මුදල් එවීමේ සේවය PayMaster ඇප් එක මෙතෙක් ආ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම සේවාව යටතේ ලෝකය පුරා ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකු ගිණුමකට තත්පර දෙකක් වැනි ඉතාම කෙටි කාලයකදී පහසුවෙන් මුදල් එවීමේ හැකියාව ලැබේ. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මුදල් අතේ නැතත් ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතයෙන් වුවද මුදල් යැවීමේ හැකියාවයි.

    ඉතා කෙටිකාලයක් තුල බිලියනයකට අධික ගනුදෙනු ප්‍රමාණයක් සාර්ථකව සපුරාලීමට සමත්වීම, කෙටි කාලයක් තුල PayMaster ඇප් එක දිනාගත් පාරිභෝගික විශ්වාසය සඳහා සාක්ෂි සපයයි. අඛණ්ඩව දෙවන වරත් LankaPay Technnovation සම්මාන උළෙලෙහිදී, PayMaster දිනාගත් සම්මාන විසින් ඒ විශ්වාසය නැවත නැවතත් තහවුරු කර ඇත.

    (පින්තුරයේ වමේ සිට දකුණට : නිමන්ති දිසානායක මහත්මිය - ප්‍රධාන නිෂ්පාදන විධායක Pay Master Solutions (Pvt) Ltd, ආචාර්ය කෙනත් ඩි සිල්වා මහතා- සභාපති LankaPay ආයතනය, T M J Y P ෆර්නැන්ඩු මහත්මිය - නියෝජ්‍ය අධිපතිනිය ශ්‍රී ලංකා මහා බැංකුව, රන්සික ඩි සිල්වා මහතා - අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී Pay Master Solutions (Pvt) Ltd, චන්න ඩි සිල්වා මහතා - ප්‍රධාන විධායක නිලධාරී LankaPay ආයතනය)