PCH Holdings කොටස් විකිණීමකට තවත් අධිකරණ නියෝගයක්

    July, 11, 2014

    අර්බුදයට පත්ව තිබෙන PCH Holdings PLC සමාගමට Dynaris Holdings PLC සමාගමේ ඇති කොටස් ඇතුළුව Dynaris Holdings PLC සමාගමේ වත්කම් විකිණීමට එරෙහිව Lanka ORIX Finance PLC සමාගම විසින් අධිකරණ නියෝගයක් ගෙන තිබෙන බවත් එම නියෝගය නොතකා සිදුකරන වත්කම් විකිණිම් නීති විරෝධී බවත් Lanka ORIX Finance විසින් සඳහන් කර ඇත.

    Lanka ORIX Finance PLC පවසා තිබෙන්නේ Dynaris Holdings PLC සමාගමට සපයා තිබෙන ණය වලින් මේ වනවිට රුපියල් මිලියන 100 ක පමණ මුදලක් පැහැර හැර තිබෙන ණය ලෙස එකතුවී තිබෙන බවයි.

    මේ නිසා, Dynaris Holdings PLC හි, වත්කම් වෙනත් පාර්ශවයකට විකුණා දැමීම වලක්වමින් Lanka ORIX Finance විසින් මහාධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

    මෙවැනි තත්ත්වයක් තුළ Lanka ORIX Finance අවධාරණය කර තිබෙන්නේ PCH Holdings PLC සමාගම සතුව Dynaris Holdings PLC හි, තිබෙන කොටස් මෙම අධිකරණ නියෝගයෙන් පසුව විකුණා දැමීමක් සිදුවුවහොත් එය නීති විරෝධී බවයි.

    මේ අතර, පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් එහි කාබන් නිෂ්පාදන සමාගම වන Beico Link Carbon (Pvt) Ltd සමාගමේ 100% ක කොටස් විකිණීමට සූදානම් වෙද්දී මෙම සමාගම් සමූහයේ නව කොටස්කරුවෙකු වූ ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම එම විකිණීමට එරෙහිව පසුගියදා අතුරු තහනම් නියෝගයක් ලබාගත්තේය.