Pears සබන් සහ ක්‍රීම් දැන් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සහතික කොට ඇත

    April, 4, 2022

    රුපියල් මිලියන 8ක් වටිනා නව  Pears නිෂ්පාදන රෝහල් 42කට ප්‍රදානය කරයි

    ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලු ළදරුවන් වෙත ජාත්යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සහතික කළ ආරක්ෂාවක් සළසා දීම යුනිලිවර් හි ප්රමුඛතම ළදරු සන්නාමය වන Pears හි අරමුණයි. අනුව Pears සන්නාමය යටතේ නිෂ්පාදනය වන සබන් හා ක්‍රීම් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් පරීක්ෂා කර සහතික කොට ඇති බව පසුගියදා නිවේදනය කර සිටින ලදී.

    දිවයින පුරා රෝහල් 42ක් සමඟ (ළමා වාට්ටු සමඟ) වන සහයෝගීතා වැඩසටහනක් තූළින් අදාළ රෝහල්වල අලුත උපන් බිලිඳුන් වෙනුවෙන් භාවිත කිරීම සඳහා රුපියල් මිලියන 8ක් පමණ වටිනා Pears නිෂ්පාදන ප්‍රදානය කිරීමද විශේෂත්වයකි.

    ළමා මනෝ විද්‍යා උපදේශිකාවක් මෙන්ම හිටපු ජනාධිපති ආර්යාව (2005 -2015) හා වර්තමාන අග්‍රාමාත්‍ය ආර්යාව වන ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ සම්භාවණීය සහභාගීත්වයෙන් උත්කර්ෂවත් වූ මෙම අවස්ථාව සඳහා යුනිලිවර් ශ්‍රී ලංකාහි සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අල්ෆිෆි, Beauty and Personal Care අලෙවි අධ්‍යක්ෂිකා හා ආයතනික සන්නිවේදන ප්‍රධානී, නිලූෂි ජයතිලක ඇතුළු පිරිසද ඊට එක්ව සිටියහ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ Beauty & Personal Care අධ්‍යක්ෂිකා හා ආයතිනක සන්නිවේදන ප්‍රධානී, නිලූෂි ජයතිලක මහත්මියවසර 60කට වැඩි කාලයක් තිස්සේ ශ්රී ලාංකේය ළදරු රැකවරණයේ විශ්වාසවන්ත නාමයක් ලෙස හැඳින්විය හැකි Pears වර්තමානයේ ශ්රී ලාංකේය මව්වරුන්ගේ ප්රමුඛතම තේරීමක් බවට පත්ව තිබෙනවා. සෑම ළදරුවකුගේම සම ඉහළ මට්ටමේ ආරක්ෂාවක් හා රැකවරණයක් සහිතව ඉතා සංවේදීව හා සුරැකිව ආරක්ෂා කර ගත යුතු බව ඡැ්රි නිරන්තරයෙන් විශ්වාස කරනවා. Pears වෙතින් හොඳම නිෂ්පාදනයන් ලබා දෙන බව සහතික කිරීම වෙනුවෙන් අපගේ සියලු නිෂ්පාදන ජාත්යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්යවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව තහවරු කරන්නේ එබැවිනි යනුවෙන් පවසා සිටියාය.

    ප්‍රජාව වෙනුවෙන් සහාය දැක්වීම සඳහා Pears විසින් වසර ගණනක් තිස්සේ රුපියල් මිලියන 60කට වැඩි මුදලක් විවිධ වැඩසටහන් වෙත ආයෝජනය කොට ඇත. එහි එක් සුවිශේෂී වැඩසටහනක් ලෙස 2002 වසරේ සිට දිවයින පුරා රෝහල්වල මාතෘ වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීම හා අලුත්වැඩියා කිරීම සහ දිවයින පුරා ළදරුවන් වෙනුවෙන් ලබා දෙන මාතෘ රැකවරණය දිරි ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ safe hands ව්‍යාපෘතිය සඳහන් කළ හැකිය. සෑම ළදරුවකු වෙනුවෙන්ම වන Pears හි කැපවීම මනාව ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන බොහෝ පිළිගැනීමටද ලක්ව ඇත.

    ළමා මනෝ විද්යා උපදේශිකාවක් මෙන්ම හිටපු ජනාධිපති ආර්යාව (2005 -2015) හා වර්තමාන අග්රාමාත් ආර්යාව වන ගරු ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මැතිණිය, යුනිලිවර් ශ්රී ලංකාහි සභාපතිනි හා කළමනාකාර අධ්යක්ෂිකා හජාර් අලෆිෆි, යුනිලිවර් ආයතනික නිලධාරීන් හා හවුල්කරුවන් හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය, රෝහලේදී පැවති ජාත්යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සහතික කළ Pears නිෂ්පාදන එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්

    ළමා මනෝ විද්යා උපදේශිකාවක් මෙන්ම හිටපු ජනාධිපති ආර්යාව (2005 -2015) හා වර්තමාන අග්රාමාත් ආර්යාව වන ගරු ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මැතිණිය, යුනිලිවර් ශ්රී ලංකාහි සභාපතිනි හා කළමනාකාර අධ්යක්ෂිකා හජාර් අලෆිෆි, හා යුනිලිවර් ආයතනික නිලධාරීන්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ

    යුනිලිවර් ශ්‍රී ලංකාහි අලෙවි බෙදාහැරීම් හා පාරිභෝගික සංවර්ධන ප්‍රධානී, චන්දික දයාරත්න මහතා විසින් ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥ සහතිකලත් Pears නිෂ්පාදන මහනුවර ජාතික රෝහලේ සාමාජිකයෙකු වෙත පිළිගන්වමින්