Pidilite මැලියම් වර්ග නිෂ්පාදනය කිරීමේ අති නවීන කර්මාන්ත ශාලාවක් පොල්ගහවෙල විවෘත කරයි

    July, 12, 2018

    Pidilite ලංකා (පුද්ගලික& සමාගම විසින් අති නවීන මැලියම් වර්ග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් 2018 ජූලි 10 වන අඟහරුවාදා පොල්ගහවෙල ආයෝජන කලාපය තුළදී නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිට් සිං සන්දු මහතා, Pidilite ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා, මැක්ලරන්ස් සමූහයේ සභාපති, රොහාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

    මෙම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් එහි කළමණාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘Pidilite සමාගම ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ මීට වසර 11 කට පෙරයි. මෙම ආයෝජනය ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ පිළිබඳව අපගේ තිබෙන කැපවීම පෙන්වීමේ හොඳ සහතිකයක්. අක්කර හතරක් පුරා විහිදෙන කිසිදු රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමකින් තොර මෙම කර්මාන්ත ශාලාව මගින් මූලික වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ Fevicol® සන්නාමය යටතේ වන මැලියම් වර්ගයි. මේ තුළින් විවිධ කර්මාන්ත සඳහා අපගේ සන්නාමය සැපයීම ශක්තිමත් වෙනවා.’

    Pidilite ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, රමණි පොන්නම්බලම් මහත්මිය ‘මෙම කර්මාන්ත ශාලාව මගින් කැපී පෙනෙන ලෙස ආනයන ආදේශක නිෂ්පාදන සිදුකරනවා. ඒ වගේම, ප‍්‍රදේශයේ ජනතාවට මෙමගින් රැුකියා අවස්ථාවන්ද නිර්මාණය කර තිබෙනවාල’ යැයි පැවසුවායග

    Pidilite සමාගමේ ශ‍්‍රී ලංකාව තුළ වඩාත් ප‍්‍රචලිත සන්නාම අතර ඉහළ කාර්ය සාධනයකින් යුතු මැලියම් නිෂ්පාදන වන FEVICOL මෙන්ම Dr. FIXIT වැනි නිවාස සඳහා භාවිතා කරන වෝටර් පෘෆින් නිෂ්පාදන මාලාවක් ඇත. 2015 වසරේදී Pidilite සමාගම විසින් ලී වැඩ, ලිපි ද්‍රව්‍ය සහ කර්මාන්ත යන අංශ සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුදු මැලියම් සන්නාමය වන Chemifix මිලදී ගන්නා ලදී. ශ‍්‍රී ලංකාව තුළ පාරිභෝගිකයාට වඩාත් ලැදි සහ කාර්ය සාධනයෙන් ඉහළ ආයතනයක් වීමේ සමාගමේ අරමුණ  මෙම සන්නාම මගින් පිළිබිඹු කරයි.

     

     

    සේයාරු සටහන - ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිට් සිං සන්දු මහතා සහ Pidilite ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් පොල්ගහවෙල, අති නවීන Pidilite කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින්