Piramal Glass අයිතිය ඉන්දියානු රුපියල් බිලියන 5කට විකිණීමේ තීරණයක්

    December, 11, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත සමාගමක් වන Piramal Glass Ceylon PLC හි ප්‍රධාන කොටස්කරුවා වන Piramal Glass Pvt Ltd සමාගම තමන් සතු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ Pristine Glass Pvt Ltd වෙත අලෙවි කිරීමට ගිවිසුමකට එළඹ තිබේ.

    Piramal Glass Ceylon PLC කොටස් 536,331,880 ක් හෙවත් 56.45% ක අයිතිය Piramal Glass Pvt Ltd සතුව පවතී.

    ඉන්දියානු රුපියල් බිලියන 5.166කට මෙම ගනුදෙනුව සිදුකිරීමට නියමිත අතර එහිදී සමාගෙම් ණයගැතිභාවය, ශුද්ධ ණය, කාරක ප්‍රාග්ධන ගැළපීම් ආදිය මත පදනම්ව එම අගය තක්සේරුකිරීම සිදුකර තිබේ.

    Piramal Glass Ceylon PLC හි ප්‍රධාන කොටස්කරුවන් අතර දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්වෙමින් ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 9.51% කට සේවක අර්ථසාධක අරමුදල හා 2.02%කට සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල පිළිවෙලින් හිමිකම් කියනු ලබයි.

    මේ අතර ඇමරිකාවේ Blackstone ආයෝජන සමාගම විසින් ඉන්දියාවේ Piramal Glass සමාගම ඩොලර් බිලියන 1 ක මුදලකට අත්පත් කර ගැනීමට ගිවිසුම් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය අද (11) දින අනාවරණය කර සිටියේය.