July, 29, 2020
ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට එක්සත් ජනපදය වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) අපනයනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් සහාය දෙනු ලැබේ. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum - JAAF) සහ අපනයන සංවර්ධණ මණ්ඩලය (Export Development Board - EDB) සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩසටහනට කර්මාන්ත නියෝජිතයින් 100කට අධික සංඛ්‍යාවකට එක්සත් ජනපද වෙළෙඳපොළට පිවිසීම සඳහා ඔවුන් සූදානම් කරමින් අන්තර්ජාලය හරහා පවත්වන සාකච්ඡා (වෙබිනාර් සැසි) දෙකක් ඇතුළත් විය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (United States Agency for International Development) අරමුදල් සපයන ලදුව Deloitte Consulting විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
එම පළමු වෙබිනාර් සැසියේ දී එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය (FDA) විසින් පනවා ඇති රෙගුලාසි සඳහා අනුකූලතාවය දැක්වීම පිළිබඳව පැහැදිලි කරන ලදී. PPE අපනයනයට අදාළ වර්ගීකරණයන් සහ FDA හි හදිසි අවශ්‍යතා භාවිතාවට බලය පැවරීම (කොවිඩ්-19 අර්බුදය අතරතුර තාවකාලිකව ක්‍රියාත්මක කරන ලද) පිළිබඳව එක්සත් ජනපද විශේෂඥයෝ සැසියට සහභාගිවූළුන් සමඟින් සම්බන්ධ වෙමින් අදාළ ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දුන්හ. එක්සත් ජනපද වෙළෙඳපොළට එක්වීම පිළිබඳ දෙවන වෙබිනාර් සැසියේ දී, ෆෙඩරල් මට්ටමේ පවතින ඉල්ලුම, බෙදාහැරීමේ දාමයන් සහ එක්සත් ජනපද ෆෙඩරල් රජයට PPE විකුණන්නේ කෙසේද යන්න ඇතුළුව PPE සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම පිළිබඳව එක්සත් ජනපද විශේෂඥයින් සමඟ ගැඹුරින් සාකච්ඡාවක් සිදුකෙරුණි. එක්සත් ජනපද ෆෙඩරල් රජයේ අත්පත් කර ගැනීමේ රෙගුලාසි සහ PPE නිෂ්පාදනය ශක්‍යතා හා උපායමාර්ගික ලෙස දිගුකාලීන තීරණයක් ලෙස පවතී ද යන්න තීරණය කිරීමේ දී සලකා බැලිය යුතු නිර්ණායක කෙරෙහි ද එහිදී සහභාගීවන්නන්ට ඉගෙනගත හැකි විය.
ගෝලීය විලාසිතා සන්නාම සහ වෙළෙඳපොළ වෙත ආචාරධාර්මිකව උසස් තත්ත්වයේ ඇඟලුම් නිපදවන සැපයුම්කරුවෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය වසර ගණනාවක් තිස්සේ ඉදිරියට පැමිණ ඇත අතර, කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පැන නැග ඇති සීඝ්‍රයෙන් පුළුල්වන හා ඉහළ තරඟකාරී නව වෙළෙඳපොළ සඳහා පුද්ගල ආරක්ෂක උපකරණ නිපදවා අපනයනය කිරීමට එය ඉතාමත් සුදුසු තත්ත්වයක පවතියි. එක්සත් ජනපද PPE වෙළෙඳපොළට PPE සපයන සැපයුම්කරුවන් විසින් විශේෂයෙන්ම ඉහළ අවදානම් නිෂ්පාදන නිපදවීම සඳහා ඇති නියමයන්ට අනුකූල විය යුතුය. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය, රටට ඉතාම වැදගත් අංශයක් වන අතර විශාල ලෙස විදේශ විනිමය ලංකාවට ගෙනෙන මෙම අංශය මිලියනයක් පමණ පුද්ගලයින්ට රැකියා අවස්ථා සපයා දෙයි. කොවිඩ්-19 හේතුවෙන් මෙම අංශය විශාල ලෙස බලපෑමට ලක්වූ අතර, ඇඟලුම් අපනයනකරුවන්, තමන්ගේ නිපැයුම් විවිධාංගීකරණය කිරීමට උත්සාහ ගන්නා අතර, PPE නිෂ්පාදනය කිරීම මෙම උත්සාහයේ එක් පැතිකඩකි.
Video Story