Rainforest Alliance ශ්‍රී ලංකාව තුළ සිය තිරසර පා සටහන් ශක්තිමත් කිරීමට කැප වෙයි

    November, 29, 2021

    Rainforest Alliance අයතනය, දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංවිධාන සහ පුද්ගලයින් සහභාගි කරගනිමින් පිළිගැනීමේ උත්සවයක් කොළඹදී පවත්වන ලද අතර ඔවුන්ගේ කටයුතු හුවමාරු කරගැනීම සහ ශ්‍රී ලංකාව තුළ සහයෝගිතා සහ හවුල්කාරිත්ව සදහා ඇති අවස්ථා සොයා බැලීම ඒහිදී සිදු කෙරුණි. තීරණාත්මක තිරසර අභියෝගවලට සාර්ථක විසදුම් සොයමින් ඊට මුහුණ දීම සදහා කලාපය තුළ බිම් මට්ටමේ සිට මැදිහත්වීමක් ඇති කිරීමට Rainforest Alliance  ආයතනය කැපවී කටයුතු කරන අතර  තේ ක්ෂේත්‍රය තුළ ගොඩනංවා ඇති බලපෑමට අනුව ශ්‍රී ලංකාව මෙම ආයතනය සදහා ප්‍රධාන ප්‍රමුඛතා රටක් වේ.

    මෙම උත්සවයට ඒක් වූ Rainforest Alliance  ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය මධුරි නන්දා මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. මෙරට තිරසර සංවර්ධනයක් උදෙසා පොදු න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අපගේ ක්‍රියාකාරකම් ඒ්කාබද්ධ කිරීමත් සහයෝගිතා යහපත් ලෙස පවත්වාගැනීමක් අවශ්‍ය වෙනවා. Rainforest Alliance යනු සහතික ලත් සාමාජිකයෙකු වුවත්, ඒමෙන්ම තිරසාරත්වය සම්බන්ධයෙන් අප ගන්නා අගනාකම් පිළිබදව වැවිලි ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැන සිටියත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අපගේ විධිනියාමය සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත්ව ඉහළ දැමිය යුතු බවත් තිරසාරත්වය සම්බන්ධයෙන් ගත් කළ සාමූහික වශයෙන් ගන්නා උත්සාහයන් වඩා ඵලදායී බැවින් ඒක හා සමාන අයුරින් සිතන පතන සංවිධාන සමග ඒක්ව කටයුතු කළ යුතු බවත් අපගේ අදහසයි.

    තිරසර කෘෂිකාර්මික ක්‍රමවේද අනුව යමින් හෙක්ටයාර 150,000ක භූමියක් අස්වද්දමින් සහ මෙට්‍රික් ටොන් 200,000ක අස්වැන්නක් කෙරෙහි පාරිසරික හා සාමාජීය වශයෙන් ධනාත්මක බලපෑමක් කරමින් Rainforest Alliance  ආයතනය දශකයකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ කටයුතු කරමින් සිටියි. මේ වන විටත් කුඩා පරිමාණ ගොවීන් 65,000ක් පමණ Rainforest Alliance  සහතික පද්ධතියේ කොටස්කරුවෝ බවට පත්ව සිටිති. ව්‍යාපාර සමඟ එක්ව, Rainforest Alliance  ආයතනය තිරසර කෘෂි ක්‍රමවේද සම්බන්ධයෙන් ගොවීන් පුහුණු කිරීම සදහා සහ වනාන්තර විනාශ කිරීම, ජල පෝෂක සංරක්ෂණය, ජෛව විවිධත්වය සංරක්ෂණය සහ මිනිස්-වනජීවී ගැටුම් වැනි ගැටලු විසඳීම සඳහා ගොවීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. අපගේ තිරසාර කෘෂිකාර්මික ප්‍රමිතිය මගින් දේශගුණික වෙනස්කම් සම්බන්ධයෙන් බුද්ධිමත් ලෙස කටයුතු කිරීම සහ පුනර්ජනනීය කෘෂි ක්‍රමවේද මෙන්ම ඊට සමගාමීව ළමා ශ්‍රමිකයින්, බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීම, ස්ත්‍රී පුරුෂ අයිතිවාසිකම් සහ වෙනත් හිමිකම් මත පදනම් ගැටලු වැනි වතුකරයේ මානව හිමිකම් ගැටලු කළමනාකරණය ද ප්‍රවර්ධනය කරනු ලබයි.

    තිරසාර සංවර්ධන අභියෝග ජය  ගැනීමට පෞද්ගලික අංශය ද අවධානයෙන් පසුවන බව සහ ක්‍රියාකාරීව දායකත්වය දැක්වීමට කැමැත්තෙන් සිටින බවට Rainforest Allianceආයතනය විශ්වාස කරන නමුත් දේශීය ප්‍රජාවගේ සහ හිමිකම් දරන්නන්ගේ ඒ් සම්බන්ධයෙන් විශ්වාසය අඩු බවක් පෙනී යයි. ප්‍රතිපත්ති සැකසීමේදී සහ ප්‍රත්‍යක්ෂමූලක සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීමේදී මගපෙන්වීම සදහා තාක්ෂණික දැනුම සහිත විද්වතුන්ගේ දායකත්වය රජයට ද අවශ්‍ය වේ. සංකේතාත්මක නියෝජනයකින් ඔබ්බට යමින් ප්‍රතිපත්ති සැකසීමේදී ඒ් වෙනුවෙන් සිය හඩ ද ඒක්කිරීම සදහා ජනතාව ද දායක කරගනිමින් ඔවුන්ට ද අසුනක් වෙන් කළ යුතුය. විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන්ට පුහුණුව මෙන්ම තිරසර කෘෂි ක්‍රමවේද වෙත සංක්‍රමණය වීම සදහා අත්වැල ලබාදිය යුතුය. මෙවැනි දැවැන්ත අපේක්ෂාවක් ඉටු කරගත හැක්කේ විනිවිදභාවයකින් යුත් බහුපාර්ශවික වෑයමක් හරහා පමණක් වන අතර ඒය තිරසර සංවර්ධන අරමුණ 17 - අරමුණු වෙනුවෙන් ද ශ්‍රී ලංකාවට ඵලදායී වේ. ශ්‍රී ලංකාව වැනි දූපත් වාසී ජනතාවකට දේශගුණික අනුවර්තනය තරමක් දුෂ්කර කටයුත්තක් වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් අයහපත් ලෙස බලපෑමට ලක් වන විශේෂයෙන්ම කුඩා පරිමාණ වැවිලිකරුවන් ඇතුළු ජනතාව තුළ දරාගැනීමේ හැකියව ගොඩනැංවීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. ඒවැනි අභියෝගවලට මුහුණ දීම සදහා සියලුම කොටස්කරුවන් සාමූහික වශයෙන් ඒකට ඒක්ව ක්‍රියාකාරී ප්‍රවේශයක් ගත යුතුය.

    “ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු ඉඩම් හිමියන් සමගින් Rainforest Alliance ආයතනය සිදු කරන කටයුතු අපි ඉතාමත් සාදරයෙන් පිළිගන්නා අතර විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීම සදහා මෙවැනි කටයුතු ඉතාමත් අවශ්‍ය වෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අපි Rainforest Alliance ආයතනයේ ක්‍රියාකාරකම් මගින් ධනාත්මත බලපෑමක් සිදුවන බවට විශ්වාස කරන අතර බිම් මට්ටමේ සිට ඔවුන් දියත් කරන ක්‍රියාකාරකම්වලට අපි ඉතා සතුටින් අපගේ සහාය ලබාදෙනවා. ” Rainforest Alliance විසින් ඉටු කරන ලද කාර්යභාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසීය.