September, 21, 2026
FIDE හි ප්‍රධාන අනුග්‍රාහකයා සහ තාක්ෂණික හවුල්කරු ලෙස Salesforce එක්වෙයි
ලොව ප්‍රමුඛතම AI CRM සමාගමක් වන Salesforce (NYSE: CRM), ජාත්‍යන්තර චෙස් සම්මේලනය (International Chess Federation - FIDE) සමඟ වසර කිහිපයකට අදාළ සුවිශේෂී සාමූහිකත්වයකට එළඹ තිබේ. ඒ අනුව, 2026 සහ 2028 FIDE ලෝක ශූරතා තරගාවලීන්හි ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor) ලෙස Salesforce කටයුතු කරන අතර, FIDE ලෝක චෙස් ශූරතාවලියේ සහ FIDE ලෝක ශ්‍රේණිගත කිරීම්වල නිල AI හවුල්කරු ලෙස ද එක්වනු ඇත.
මෙම සහයෝගීතාවය ඔස්සේ, Salesforce හි පූර්ණ AI විසඳුම් එකතුව වන Agentforce 360 හි ප්‍රබල හැකියාවන් භාවිත කරමින්, FIDE හි සමස්ත මෙහෙයුම්, ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සහ ගෝලීය චෙස් ප්‍රේක්ෂක සබඳතා එකම බුද්ධිමත් තාක්ෂණික වේදිකාවකට ඒකාබද්ධ කෙරේ. මීට අමතරව, FIDE හි ගෝලීය කණ්ඩායම් එකිනෙක සම්බන්ධ කිරීමටත්, ලොව පුරා විසිරී ඇති මෙහෙයුම් ක්‍රියාවලීන් වඩාත් සුවපහසු හා කාර්යක්ෂම කිරීමටත් Slack තාක්ෂණය භාවිත කිරීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වය 2026 සහ 2028 ලෝක චෙස් ශූරතා තරගාවලි, 2027 කාන්තා ලෝක චෙස් ශූරතා තරගාවලිය සහ FIDE ලෝක ශ්‍රේණිගත කිරීම් ආවරණය කරයි. ඒ අනුව, ඒවා Salesforce FIDE World Chess Championships සහ Salesforce FIDE Rankings යන නම් යටතේ ඉදිරිපත් කෙරෙනු ඇත.
1924 වසරේ සිට ජාත්‍යන්තර චෙස් ක්‍රීඩාවේ පාලන ආයතනය ලෙස කටයුතු කරන FIDE සතුව ජාතික සාමාජික සම්මේලන 204ක් සහ ශ්‍රේණිගත ක්‍රීඩකයින් මිලියන 1.5ක් සිටී. එමෙන්ම, රටවල් 195ක් පුරා වාර්ෂිකව ශ්‍රේණිගත තරගාවලි දස දහස් ගණනක් පැවැත්වේ. Agentforce 360 හරහා මෙම පුළුල් ජාත්‍යන්තර ජාලය එකම තාක්ෂණික වේදිකාවක් ඔස්සේ සම්බන්ධ කරමින්, ක්‍රීඩකයින්, සාමාජික සම්මේලන සහ ක්‍රීඩා ලෝලීන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට නව අවස්ථා නිර්මාණය කිරීමට FIDE අපේක්ෂා කරයි.
මෙහිදී AI තාක්ෂණයෙන් බලගැන්වෙන Chess Concierge Agent ක්‍රීඩා ලෝලීන්ගේ අත්දැකීම වඩාත් පහසු සහ අන්තර්ක්‍රියාකාරී කිරීමට දායක වනු ඇත. මාසිකව මිලියන 1.2ක පමණ පරිශීලකයින්ට ඕනෑම භාෂාවකින් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්, චෙස් නීති සහ සජීවී තරගාවලි තොරතුරු ලබාගැනීමට මෙම පහසුකම මඟින් හැකි වේ.
මීට අමතරව, ELO Player Rating Agent මඟින් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්, පෙර තරග ප්‍රතිඵල, ශ්‍රේණිගත කිරීම්වල වෙනස්වීම්, විශ්ලේෂණ සහ පුරෝකථන පිළිබඳ තොරතුරු සංවාදාත්මක ආකාරයෙන් ලබාගත හැකි වේ. විවිධ ජාතික චෙස් සම්මේලනවලින් ලැබෙන ශ්‍රේණිගත කිරීම් දත්ත සැකසීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමට ද මෙම තාක්ෂණය සහාය වනු ඇත.
Data 360 තාක්ෂණය භාවිත කරමින් FIDE හි ක්‍රීඩක දත්ත ගබඩාව සහ වාර්ෂිකව පැවැත්වෙන තරගාවලි 60,000කට අධික සංඛ්‍යාවකින් ලැබෙන දත්ත එක් පද්ධතියක් තුළ ඒකාබද්ධ කිරීමට ද සැලසුම් කර ඇත. එමඟින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු එක් ස්ථානයකින් ලබාගැනීමට හැකි වන අතර, AI සහ නවෝත්පාදනය උපයෝගී කරගනිමින් චෙස් ක්‍රීඩාවට වඩාත් සම්බන්ධිත සහ තාක්ෂණයෙන් බලගැන්වුණු අනාගතයක් නිර්මාණය කිරීමට මෙම හවුල්කාරිත්වය මඟ සලසනු ඇත.
Video Story