August, 20, 2026
Samsung Sri Lanka විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට නියමිත නවතම Galaxy Z Fold8 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල සඳහා පෙර ඇනවුම් සිදු කිරීමේ අවස්ථාව පසුගියදා මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දෙනු ලැබීය. ඒ යටතේ සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා රැසක් ලබා දීමට කටයුතු කර ඇති Samsung Sri Lanka මෙතෙක් අත් නොදුටු අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ඔවුන් වෙත තිලිණ කිරීමටද පියවර ගන්නා ලදී.
ආකර්ෂණීය පෙනුමකින් යුත් මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන පෙල අලංකාර වර්ණ කිහිපයකින් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇත්තේ තමන් කැමති වර්ණයකින් පෙර ඇනවුම් කිරීමේ අවස්ථාව සලසා දෙමිනි. ඒ අනුව, Galaxy Z Fold8 Ultra දුරකථනය Violet Shadow සහ Graphite යන වර්ණයන්ගෙන් ලබා ගත හැකි අතර, Galaxy Z Fold8 දුරකථනය Lavender සහ Graphite යන වර්ණයන්ගෙන් පෙර ඇනවුම් කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇත.
මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ පෙර ඇණවුම් සිදු කරන පාරිභෝගිකයන්ට රුපියල් ලක්ෂ 8කට වඩා වටිනා විශේෂ දීමනා සහ ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව පෙර ඇනවුම් කරන සියලු පාරිභෝගිකයින් හට රු. 87,000ක සුවිශේෂී වට්ටමක් හිමිවනු ඇත. තවද Break-Free screen replacement සේවාව හරහා වසර 2ක් දක්වා දෙවතාවක් රු. 621,625 වටිනා inner screen සහ රු.76,267 ක් වටිනා cover screen නොමිලේ මාරු කර ගැනීමට ද ඔවුන්ට හැකි වේ. මීට අමතරව ඩයලොග් සහ මොබිටෙල් ජාල හරහා මාස 4ක් පුරා භාවිත කළ හැකි 1TB ක දත්ත පැකේජයක් නොමිලේ හිමි වන අතර රුපියල් 37,470ක් වටිනා Google AI Pro සේවාව මාස 6ක කාලයක් සඳහා ද මේ සමඟ ඔවුන්ට ලැබේ, ඒ හරහා Gemini AI විශේෂාංග සහ 5TB cloud storage පහසුකම් අත්විඳීමට පරිශීලකයන්ට අවස්ථාව උදා වනු ඇත. මෙම සුවිශේෂී නිෂ්පාදන පෙළ Samsung Easy Pay හරහා මාස 24ක් දක්වා පහසු මාසික ගෙවීමේ ක්‍රමයක් යටකේ මිලදී ගැනීමේ අවස්ථාවද මේ සමඟ මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් Samsung Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “අපගේ නවතම Galaxy foldables ජංගම දුරකථන කාණ්ඩය පාරිභෝගිකයින් අතර ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ලබා ගැනීම සඳහා පෙර-ඇනවුම් සිදු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත උදා කර දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට Samsung හි අතිනවීන තාක්ෂණය ප්‍රථමයෙන් අත්විඳීමේ අවස්ථාව සලසාදීමයි. ඒ වගේම දිවයින පුරා සිටින අපගේ විශ්වාසවන්ත අලෙවි හවුල්කරුවන්ගේ සහයෝගය සහ සුවිශේෂී දීමනා හරහා පාරිභෝගිකයින් වෙත ඉහළම වටිනාකමක් ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
2026 අගෝස්තු 20 වන දින දක්වා මෙම පෙර ඇනවුම් සිදු කිරීමේ අවස්ථාව විවෘතව පවතින අතර, දිවයින පුරා පිහිටි ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් (JKOA), සොෆ්ට්ලොජික්, සිංගර්, සිංහගිරි, ඩයලොග්, මොබිටෙල් සහ සියලුම Samsung අවසරලත් අලෙවි නියෝජිත ආයතන හරහා පාරිභෝගිකයන්ට සිය ඇනවුම් සිදු කළ හැකිය. තොග සීමිත බැවින්, පෙර-ඇනවුම් කිරීමේදී පිරිනමන දීමනා සහ වරප්‍රසාද නිසි පරිදි ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් ඔබගේ ඇනවුම වෙන් කර ගන්න.
පෙර ඇනවුම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හෝ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට 011 7267864 වෙතින් Samsung හි පාරිභෝගික සේවා අංශය අමතන්න.
කොන්දේසි හා නියමයන් - පෙර ඇනවුම් කිරීමේදී හිමිවන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නියමිත දිනට පෙර ඇනවුම් කිරීම සිදු කළ යුතුය.

Video Story