Samsung Sri Lanka eStore වෙතින් පාරිභෝගික ඔබ වෙතට සුවිශේෂී දීමනා

    April, 28, 2022

    ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, Samsung Sri Lanka eStore (www.samsungsrilanka.lk) හරහා පාරිභෝගික ඔබ වෙළෙඳ භාණ්ඩ ඇණවුම් කරන විට සුවිශේෂී දීමනා කිහිපයක් මෑතකදී හඳුන්වා දුන්නේය. මෙම කලබලකාරී සමයේදී සියලූ පාරිභෝගිකයින්ට අදහාගත නොහැකි ආකාරයේ වෙළෙඳ භාණ්ඩ උපයා ගැනීමට දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවති Mobitel Data Bundle Offer සහ Avurudu Offer යන සුවිශේෂී දීමනා ලබා ගත හැකි වීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. ඔබ Samsung eStore හරහා මෙම දීමනා ඇණවුම් කරන විට මෙම භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ඇත.

    මෙම උත්සව සමයේදී තෝරාගත් විවිධ සැම්සුන් නිෂ්පාදන පෙළකින් ඔබ නිෂ්පාදන මිලදී ගන්නා විට සැම්සුන් හි Avurudu Offer වෙතින් සැම්සුන් වෙළෙඳ භාණ්ඩ කිහිපයක් ඔබට නොමිලේ ලබා දෙයි. මෙයට සැම්සුන් Galaxy A03 LTE 3+32GB මිලදී ගන්නා විට නොමිලේ මග් එකක් ද, සැම්සුන් Galaxy F42 5G 8+128GB මිලදී ගන්නා විට කුඩයක් සහ Tab A8 2022 LTE 3+32GB හා Tab A8 2022 LTE 4+64GB යන Galaxy Tabs මිලදී ගන්නා විට බෑගයක් යනාදිය ඇතුලත් වේ. මෙම දීමනාව තොග පවතින තුරු පමණක් වලංගු වන අතර එය Samsung eStore වෙතින්ම පමණක් ලබා ගත සුවිශේෂී දීමනාවකි.

    Samsung eStore යනු විශේෂයෙන්ම වසංගත කාලයේදී ඔබ ඔබගේ නිවසේ සුව පහසුවෙන් සිටිමින් යමක් මිලදී ගැනීම සඳහා සම්පූර්ණ සැම්සුන් නිෂ්පාදන පරාසය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයාට කදිම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයකි (one-stop shop).

    සැම්සුන් සෑම විටම තම සියලූම පාරිභෝගිකයින්ට හැකි උපරිම ප‍්‍රතිලාභ ලබා දීම සහතික කිරීම සඳහා කටයුතු කරන ප‍්‍රමුඛ පෙලේ සමාගමකි. ඔවුන් ඔවුන්ගේ තාක්ෂණික ක‍්‍රියාවලීන්හි බොහෝ ඉදිරියෙන් සිටින අතර  Samsung eStore එයට කදිම සාක්ෂියකි. සැම්සුන් මේ වන විට ඔවුන්ගේ home delivery විකල්පය සමඟින් සියලූම බලයලත් නිෂ්පාදන online හරහා පාරිභෝගිකයින්ට කිසිඳු කරදරයකින් තොරව ලබා ගැනීමට ප‍්‍රවේශය ලබා දී තිබේ.

    Smartphones, Tablets, Hearables, Wearables සහ අනෙකුත් උපාංග ඇතුළු නවතම නිෂ්පාදන පරාසයක් Samsung eStore ඔබ වෙත රැගෙන එන අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සියලූ අවශ්‍යතා එකවර මිලදී ගැනීමට ඉඩ සලසයි. Samsung eStore පාරිභෝගිකයින්ට සියලූ ප‍්‍රධාන ක්‍රෙඩිට් කාඞ්පත්වලට පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් සඳහා පහසු ප‍්‍රවේශයක් ද සපයයි. එමෙන්ම එය Visa, AMEX සහ bank transfers වැනි විවිධ ගෙවීම් විකල්ප ද ලබා දෙන අතර මෙය ක්‍රෙඩිට් කාඞ්පත් භාවිත නොකරන සුවිශේෂී ක‍්‍රමයකි.

    Samsung eStore මගින් බලයලත් වගකීමේ සහතිකයක් සමඟින් බලයලත් සැම්සුන් නිෂ්පාදන බෙදා හැරීම සහතික කරන නිසා එය 100%ක විශ්වාසයක් ලබා දෙයි. eStore විසින් පාරිභෝගික තෘප්තිය සහතික කිරීම උදෙසා smartphones සහ tablets සඳහා කොළඹ නගරය තුළ එදිනම බෙදාහැරීමේ සේවා සපයයි. ඔබට මෙම සුවිශේෂී දීමනා සහ නිෂ්පාදන පිළිබඳව වැඩි විස්තර www.samsungsrilanka.lk වෙත පිවිසීමෙන් දැන ගත හැකිය.

    ඔබ කොහේ, කොතැන සිටියත්  ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

    මීට අමතරව, සැම්සුන් සිය පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන පරාසය වන රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර, වායු සමීකරණ, මයික්‍රොවේව්, Sound bars සහ Monitors, e-Store වෙතින් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙන අතර එම සෑම මිලදී ගැනීමක් සමඟම වෙළඳ භාණ්ඩ පැකේජයක් හිමි කරගැනීමට ද ඔවුන්ට අවස්ථාව ඇත. සැම්සුන් අඛණ්ඩව වසර 16ක් අංක 1 ගෝලීය රූපවාහිනී නිෂ්පාදකයා මෙන්ම වසර 7ක් Sound bars නිෂ්පාදනය කිරීමෙන් ඉදිරියෙන් සිටින අතර 2019 දී ශිතකරණ අලෙවියේ ගෝලීය අංක 1 වෙළෙඳ නාමය ද විය.

    සැම්සුන් රෙදිසෝදන යන්ත‍්‍ර 2017 ACED සම්මාන උළෙලේදී Ergonomics & Design සම්මානය දිනා ගත්තේය. තවද 2018 KBIS සම්මාන උළෙලේ වසරේ Best Large Appliance Brand සහ 2019 CES සම්මාන උළෙලේ Outstanding Design & Excellence යන සම්මානවලින් ද සැම්සුන් පිදුම් ලබා ඇත.

    Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.